විහාරාධිපති හිමිගේ ඝාතනයට ශිෂ්‍ය හිමි ගුවන්තොටේදි අල්ලයි සීදුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසු නැදගමුවේ මහානාම (50) හිමියන් විහාරස්ථානය තූළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ සිට අතුරුදන්ව සිටි සැකකාර හිමිනම් අද (15) අලුයම ඩුබායි බලායාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමණි සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධාරීහු පවසති. 15 September 2022
වන අලින්ට ’’සිකුරා’’ ලබයි: ඇතුන්ට ’’හෙනහුරා’’ ලබයි ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වනවිට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 15 September 2022
රාජ්‍ය සේවය බදු ආදායමෙන් සියයට 84ක් ගිලිනවා රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. 15 September 2022
‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට 17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය. 15 September 2022
රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාලයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. 15 September 2022
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ලක්ෂ 26ක් අතුරුදන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 15 September 2022
නෙළුම් කුලුන අද පිපෙයි දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා ප්‍රකාශ කළේය. 15 September 2022
‘‘කපුටු කාක්‘‘ තාලෙට නළාව නාද කළ නීතීඥයා චෝදනාවෙන් නිදහස් “කපුටු කාක්” හඬින් සිය වාහනයේ නලාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා අද (14) නියෝග කළේය. 14 September 2022
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට කැලණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පදියකයකු මිය ගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය කියයි. 14 September 2022
මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙිවි තව මාස කිහිපයකින් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14)පැවසීය. 14 September 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් කඩවීම ගැන දොස්තර කාවින්ද ජිනීවාහීදී කියයි ජිනීවා නුවර පැවැත්වෙන 51 වන මානව හිමිකම් සැසිවාරයේදී සමගි ජනබලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර් ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීය. 14 September 2022
සක්විතිට සිරදඩුවම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට අද (14) නියම කළේය. 14 September 2022
කඳුළු ගෑස්වල නිවැරදි තොරතුරු දෙන්න පොලිසිය පොරොන්දු වෙයි උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ කඳුළු ගෑස් මිලදීගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු දින 10 ක් තුළ ඉදිරිපත් කිරීමට පොලිසිය තොරතුරු කොමිෂන් සභාවේදී අද (14) එකඟ වී තිබේ. 14 September 2022
අරගලයට එකතුවූ බ්‍රිතාන්‍ය තරුණියට නඩු ගාස්තු ගෙවන්න නියෝග අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන් මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය ජාතික කෙළී ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් අධිකරණයට ගෙවන ලෙසට අද (14) නියෝග කළේය. 14 September 2022
රාජ්‍ය අමාත්‍ය හමුදාවක් නඩත්තුවට ජාත්‍යන්තර ආධාර ගැනීම සිහිනයක් රාජ්‍ය අමාත්‍යවරු 38 ක් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමට අනිවාර්යෙන් විශාල බාධවක් බවත් ජාත්‍යන්තර ආයතනවලින් මූල්‍ය සම්පත් ලබාගැනීමට අවශ්‍ය බාධායක ඉවත්කිරීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ‘නිදහස ජනතා සභාව’ සංවිධානයේ මාධ්‍ය හමුවේදී අද (14) පැවසීය. 14 September 2022
පාසල් සිසුන්ට පාර් ලිමේන්තුවේ දොර ඇරෙයි පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. 14 September 2022
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ දේහයක් සීදූව පොලිසිය මගින් අද පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි. 14 September 2022
“කපුටු කාක්” නළාව ගැහුවැයි උසාවි ගෙනා නිතීඥවරයා නිදහස් “කපුටු කාක්” හඬින් සිය වාහනයේ නළාව නාදය කළැයි කොටුව පොලීසිය චෝදනා නැඟූ හම්බන්තොට නිතීඥ සංගමයේ නිතීඥවරයකු එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා අද (14) නියෝග කළේය. 14 September 2022
කල්ඉකුත්වූ - විෂ කඳුළු ගෑස් ගැන තොරතුරු අවුස්සයි උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ අභියාචනය අද (14) පස්වරුවේ තොරතුරු කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය. 14 September 2022
ලක්ෂ 1300 ගංජා කදිරමලෙන් හමුවේ නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙදී රුපියල් ලක්ෂ 1300 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 434 ක් සමග ඉන්දියන් හා මෙරට ධීවරයින් 10 දෙනකු අත් අඩංගුවට ගත් බව කියයි. 14 September 2022
පේරාදෙණි සරසවි සිසුන්ට අර්ධකාලින රැකියා වරම් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ . 14 September 2022
අයිතිකරුවකු නැති පාර්සලයෙන් කුඩු මතු වෙයි රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) පෙරවරුවේ මන්නාරම මාර්ග බාධකයකදි අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 14 September 2022
මානව හිමිකම් කවුන්සලයේ බලපෑම් හෙළාදකිනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සියලු පාර්ශ්ව හෙළා දැකිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 14 September 2022
නේපාලය සහ ලංකාව අතර තරුණ හුවමාරු ’’පාලමක්’’ හදයි ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි. 14 September 2022
මහ රැජිණ ගැන ශෝක විවාදය 24 වැනිදා අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය. 14 September 2022
දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි. 14 September 2022
ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය. 14 September 2022
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් රට හැර ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුම් බණ්ඩාර මහත්මිය පැවසුවාය. 14 September 2022
අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙි. 14 September 2022
නව විදුලි ගාස්තු ගැන විමසීමට ක්ක්‍ෂණික දුකරථන අංකයක් විදුලි පාරිභෝගිකයන්ට නව විදුලි ගාස්තු පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා නව දුකරථන අංකයන් හදුන්වා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 14 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025