(අංජුල මහික වීරරත්න)
කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් වැඩසටහන අද(3) සිට ඇරැඹෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී අද (03) රාත්‍රී 7 ට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිතය.
මැයි 04 වැනදා ද එම ස්ථානයේ දී භක්ති ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.
මැයි 05 වැනදා සාමණේර ස්වාමින් වහන්සේලා හතළිස් නමක් සහ පාසල් දරුවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී සිදු කෙරේ.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන බත් දන්සැල 5 වැනිදා රාත්‍රී 7 ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය මැයි 5 සහ 6 යන දෙදින පැවැත් වේ.එම දිනයන්හිදී තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී මැයි 5 සහ 6 යන දෙදින පැවැත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන තමයි හමුදාව දාලා නිරායුද උද්ගෝශන කරුවන්ට තිරිසන් ආකාරයට පහර දුන්නෙ. එහෙම කෙරුව රනිල් රජපක්ශ, වෙසක් කලාප, අවුරුදු උත්සව සංවිදානය කරලා රජපක්ශලා වගේ නාඩගම් නටලා තවදුරත් රටෙ ජනතාව රවට්ටන්න බැහැ කියලා මෙ මෝඩ මහල්ලා කවදම තේරැම් ගනිවිද ?