(සුජිත් හේවාජුලිගේ)
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
දැනට එම ගුවන් තොටුපොළේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කරනු ලබන්නේ ගුවන් හමුදාව විසිනි.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ මෙම ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීමෙන් පොලොන්නරුව,සීගිරිය,අනුරාපුරය,දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල වෙලෙනව, රත්මලාන වෙලෙනව, පල්ලාලි වෙලෙනව. තව මොන තරු පන්තිද? මැයි 01 වෙනිද නොපෙනුනානම් ලගදීම තරු පෙනෙයි.
සමගමින් කොමිස් ලබුනෙ නැහැනෙ එ නිස චිනෙක්ට දීපන් එතකොට තොට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙයි එකට මෙ දගලන්නෙ.
මත්තල, පලාලි, රත්මලාන ගුවන්තොටුපොළවල් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහා පරිමාණයෙන් දිනපතා පාඩුලබන විට මේ හාදයා මේ වැඩේ කරන්නේ කොමිස් ගන්නද? දැනට තියන ගොවන්තොටුපොළවල් ගොඩ දාන්න බැරි මොහොතේ.., මේ කරන්නේ දුෂණ, වංචාවට මිස අවංක උවමනාවෙන් නොවේ.
නැව ගිලුණත් බෑන් චූන්...!
කොමිස් බන්දුල...!
මේ සෙට්වෙන්නේ හොඳ ගාණකට කෙලින්න තමයි. හොරකම පගාව මෙයාගේ ලේවලට බද්දවෙලා තියෙන්නේ...