
(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල , මහවල බෝක්කුව අසලින් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.
හංවැල්ලේ සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ අංගොඩ ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මගීන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇත.
අනතුරින් පසුව බස් රථය තුල සිටි මගීන් ඉනිමක ආධාරයෙන් පිටතට ගැනීමට සිදු විය.
මෙම අනතුර සම්බන්ධයෙන් මගීන් සදහන් කර සිටියේ බස් රථය අධික වේගයෙන් පැමිණි බවය. කිරිඳිවැල පොලීසිය අනතුර පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd