IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙරට වෛද්‍ය සිසුවා බෙලරුසියාවේදී මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එහි ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා (29) සිරුර සොයා ගෙන ඇත.

බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක 4 වැනි වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි වෛද්‍ය සිසුවා එම වසරේ දක්ෂතම වෛද්‍ය සිසුවා ලෙස තේරී පත්ව සිටි බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයෙහි පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විදුහලක උසස් පෙළ ජීව විද්‍යාව හදාරා මෙම සිසුවා බෙලරුසියාවේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඉගෙනුම ලබමින් සිට ඇත.

සිසුවාගේ මව සිය පුතාට පසුගිය සෙනසුරාදා දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ එම ඇමතුමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බව කියති.

දිගින් දිගටම ඇමතුම් දුන්නත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා එම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවාගේ මව පුතාගේ හිතවත් වෛද්‍ය සිසුන් කිහිප දෙනකුට කතාකර පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

මිතුරු වෛද්‍ය සිසුන් ඔහු නිදාගෙන සිටි කාමරයට ගොස් විපරම් කළ බලා තිබේ.

වෛද්‍ය සිසුවා ගේ ගෙලේ වෙළුම් පටියක් දක්නට තිබී ඇති අතර එම වෙළුම් පටියේ අනෙක් කොන එම කාමරයේ තිබූ උස කබඩ් එකක ගැට ගසා තිබෙන අයුරු එහි ගිය වෛද්‍ය සිසුන් දැක ඇත.

පසුව මේ ගැන එම වෛද්‍ය සිසුන් සිසුවාගේ මවට දුරකතනයෙන් කතා කර දැනුම්දී ඇතැයිද පැවසේ.

මෙම වෛද්‍ය සිසුවාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද එසේ නැත්නම් වෙන යම් හේතුවක් මත සිදුවී ඇත්ද යන්න ගැන තවම කරුණු අනාවරණය වී නොමැති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

මේ සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට එරට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා පසුගිය සෙනසුරාදා රාත්‍රී 11ට පමණ වන තෙක් සිය ජංගම දුරකතනය පරිහරණය කර ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

 



අදහස් (1)

මෙරට වෛද්‍ය සිසුවා බෙලරුසියාවේදී මරුට

Kumari perera Tuesday, 02 May 2023 11:07 PM

මානසික අවපීඩනය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site