IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා

(චමින්ද වැවතැන්න)

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පොඩි දේවයලාගේ රවිදු ධම්මසිරි නමැති පුද්ගලයෙකි.

වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයා කලකට ඉහතදී බිරිඳ සමග කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන 73 හැවිරිදි පීටර් හපුආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නමැත්තාගේ වනාතවිල්ලු‍ව 12 කණුව අවට පිහිටි අක්කර 100ක පමණ පොල් ඉඩමක මුරකාර සේවයට ගොස් තිබේ.

එම පොල් ඉඩමේ මුරකරුවන් කිහිප දෙනකු සේවය කරන බව පොලිසිය පැවසීය.

සැකකාර පුද්ගලයා හා බිරිඳ ද එක් මුර කුටියක පදිංචිව සිට ඉඩමේ කොටසක් රැක බලා ගනිමින් සිට ඇති බවත් පොලිසිය කියයි.

 පොලිසිය උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින අවස්ථාවේ දී අනාවරණය වී ඇත්තේ උප සභාපතිවරයා වත්තේ සේවය කරන මුර පවුල සමග කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇති බවය.

පසුව හිටපු උප සභාපතිවරයා ඉකුත් 27 වැනිදා සවස ඉඩමට සිය කැබ් රථයෙන් පැමිණෙන අයුරු තවත් මුරකරුවකු දැක තිබේ.

සැකකරු සමග උප සභාපතිවරයා බහින් බස් වීමක් සිදු වන්නට ඇති බවටත් පසුව මුරකාර යුවළ උප සභාපතිවරයා මුර කුටිය තුළට රැගෙන ගොස් අත් පා ගැට ගසා රාත්‍රී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

වෙනත් මුරකරුවකු 28 වැනිදා පෙරවරුවේ සැකකරු පදිංචිව සිටින මුර කුටිය අසලට පැමිණ බලද්දී උප සභාපතිවරයාගේ කැබ් රථය දැක ඇති අතර වත්තට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බව දැක ඇත. පසුව මුරකරු සැකකාර මුර යුවළ පදිංචිව සිටි මුර කුටියට ගොස් දොරවල් විවෘත කර බලද්දී උප සභාපතිවරයාගේ අත් පා ගැට ගසා ඝාතනය කර ඇති අයුරු දැක වනාතවිල්ලු‍ව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු හිටපු උප සභාපතිවරයා ඝාතනය කර බිරිඳ සමග වරකාපොළ නිවසට රාත්‍රී පැමිණ ඉකුත් 29 වැනිදා වස පානය කර වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් වරකාපොළ පොලිසිය පැවසීය.



අදහස් (0)

කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site