IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වේදිකාවට ගොඩ වූ රාළහාමිට රාජකාරිය අමතක වෙලා

(ඉන්දිකා  රාමනායක)

කැලණිය  බියගම පාර පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර  ගායකයෙකුගේ ගීතයකට පොලිස්  නිළ ඇදුමෙන් වේදිකාව මතට නැග රංගනයක නිරත වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (52) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉකුත් 30 වැනි  දින රාත්‍රියේ කැලණි නදී ක්‍රීඩා පිටියේදී මෙම සංගීත ප්‍රසංගය පවත්වා ඇති අතර කොස්තාපල්වරයා එහි ආරක්ෂක රාජකාරි සඳහා යොදවා  සිටියදි වේදිකාව මත නැග මෙම රංගනය ඉදිරිපත් කර ඇති  බවද පොලිසිය පවසයි

මෙම නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාව ක්‍රියාව සම්බන්ධයෙන් කැලණිය  සහකාර පොලිස් අධිකාරී  මහින්ද විල්ලොරාච්චි  මහතා විසින් විමර්ශනයක් සිදුකර ඊයේ  (1) සිට මෙම කොස්තාපල්වරයා වැඩ තහනමට ලක්කර ඇති  බව පොලිසිය පවසයි.

 

 

 

 

 

 

 



අදහස් (3)

වේදිකාවට ගොඩ වූ රාළහාමිට රාජකාරිය අමතක වෙලා

send Tuesday, 02 May 2023 11:55 AM

පොලිසියේ නම් කාගෙන් හරි පිනට බිලා වෙන්න ඇති...!

:       6       11

නිකොලොස් Tuesday, 02 May 2023 01:31 PM

හිටපු පොලිස් ලොක්කාට සින්දු කියලා ඩාන්ස් කරන්න පුළුවන් නම් ඇයි මෙයාලට බැරි...? එක දිගටම සින්දු 6ක්‌ කියලා තියෙනවා එයා... හිටපු රටේ ලොක්කා බැරිම තැන නැගිටලා ගියා එතැනින්... ලොක්කොයි, සොක්කොයි අතරේ වෙනස ඒකයි...!

:       0       23

මංජුල Tuesday, 02 May 2023 06:03 PM

අවුරුදු 52 යි තාම PCද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site