
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පසුගිය වසරේ පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම සිය 2023 වාර්ෂික වාර්තාවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.
ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ප්‍රථම වතාවට මෙරට ආගමික නිදහස පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත් කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.
ලෝකයේ රටවල රජයන් ආගමික නිදහස උල්ලංඝනය කළහොත් හෝ උල්ලංඝනය කිරීමේ සිදුවීම් නොසලකා හැරියහොත් එම රටවල් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලබයි.
ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමේ 2023 වාර්ෂික වාර්තාව මගින් විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට රටවල් 9 ක් නිර්දේශ කර ඇත. 2022 වසරේ එම ලැයිස්තුවට ඇතුලත් වූ ඇල්ජීරියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව මෙවරත් ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.
ශ්‍රී ලංකාව, මැලේසියාව, තුර්කිය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ඉරාකය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, අසර්බයිජානය, ඇල්ජීරියාව, මධ්‍යම අප්‍රිකානු සමුහාණ්ඩුව මෙවර විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුලත් වී ඇති රටවල් 11 වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන්ම පටන්ගමු ...
මේක නම් අරතුමාගේ වැඩක්.
මොකද්ද දන්නේ නෑ මෙයාලා කියන ඔය නැති නිදහස? මේවා සේරම කාටත් නිදහස දෙමින් නිදහසේ ජීවත්වන බෞද්ධයින්ටම අටවන උගුල් පමණයි..
ඔය අද, මුලතීවු බුදුපිළිමයක් කඩලා තියෙන්නේ එතැනින් පටන්ගමු...
නන්දසේන තමයි පටන් ගත්තේ...!
ඉන්දියාව යනු ආගමික අයිතිවාසිකම් පිළිබඳ අංක එකේ ගහමරාගැනීම්ය, නමුත් බටහිර ලෝකය ඔවුන්ට ඉන්දියානුවන්ගේ ව්‍යාපාර අවශ්‍ය බැවින් ඉන්දියාවට මෘදු ප්‍රවේශයක් ලබාදෙයි