
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි.
කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබීය.
බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරලුනු බුදුපිළිමයටද හානි සිදුව ඇත.
අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියක් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවටද පරික්ෂණ සිදුකරන කෝකිලායි පොලීසිය වැඩිදුරටත් පැවසීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
13 ශක්තිමත් කරනවද? එසේ නැත්නම් 13 අහෝසි කරනවද කියල රනිල් තීන්දුවක් ගත යුතුයි. ෆෙඩරල්, පොලීස්, ඉඩම් බලතලත් නොමැතිව මෙහම නම්, උතුරු නැගෙනහිරත් ඒකාබද්ධ කරල ඔය සේරම දුන්නා නම්, කොහොමද වේවි?
ඡන්දයකට ලෑස්තියි වගේ....
ලඟදීම චන්දයක් ඒයි වගේ.
පේනවා නේද ආගම විනාශ කරන හැටි. රට වැසියනි කුමන්ත්‍රණ වලට හසුවී රාජපක්ෂ වරුන්ගේ බලය බිඳින්න එපා. ඔවුන් දෙවිවරු.
බෞද්ධයෙක් වීමට පිළිම අනිවාර්යද? කොහේද එහෙම ලියවිලා තියෙන්නේ?