(මුදිතා දයානන්ද සහ නිමල කොඩිතුවක්කු)
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුලු විවිධ සංවිධාන කොළඹ හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි හා ජනරැළි සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින රැළිය අද පස්වරු දෙකට පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂල ඇතුලු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ
අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ විශාලම මැයි දින සැමරුම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළිය ආර්ථිකයේ ආරක්ෂාව තාක්ෂණය යන අංශ මූලික කරගනිමින් 2048 ජයගමු යන තේමාව යටතේ පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පෙරවරු නවයට පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ කම්කරු දින රැළිය, ‘‘වැඩ කරන ජනතාවගේ අරගලය‘‘ යන තේමාව යටතේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ. මැයි පෙළපාලිය පස්වරු 1.00ට මාළිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන බව එම පක්සයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන කම්කරු දින රැළිය රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු යන තේමාව යටතේ අද පස්වරු 4.00ට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළදී එහි නායක පාර්ලිම්න්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එහි පෙළපාලිය විශේෂංශ රැසක් සමග කොළඹ බීආර්සී පිටියෙන් පස්වරු දෙකට ආරම්භ කෙරෙන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කළේය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය සවිමත් වෙමු -එක් වෙමු යන තේමාව යටතේ අද පස්වරු දෙකට මහනුවර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වෙන බව එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.
පස්වරු එකට ආරම්භ වන පෙළපාලිය තැන්න කුඹුරල කටුගස්තොටල අම්පිටිය හා ගැටඹේ මාර්ග ඔස්සේ මහනුවරට ළගාවීමට නියමිත බවද ඔහු පැවසීය.
නිදහස ජනතා සභාව සංවිධානය කරන කම්කරු දින රැළිය අද පස්වරු 2ට මහනුවර සහස් උයනේදී නිදහස රටට මැයි යන තේමාව යටතේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
උත්තර ලංකා සභාගය ‘‘රට විකුණන පරගැති පාලනයට එරෙහි‘‘ මැයි රැළිය යන නමින් ලෝක කම්කරු දින සැමරුම එහි සභාපති විමල් වීරවංශ මහතා අද පස්වරු 3.00ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වෙන බව එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ කම්කරු දින රැළිය ‘‘අයි.එම්එෆ් උගුලට - අමෙරිකානු ඉන්දියානුකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්‘‘ යන තේමාව යටතේ අද පස්වරු තුනට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ආරම්භ කරන බවත් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. එහි පෙළපාලිය පස්වරු 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කිරීමට නියමිතය
වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි රැළිය අද පස්වරු 3.00ට මාළිගාවත්ත පී.ඩීග. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව වෘත්තීය සමිති නායක රවි කුමුදේශි මහතා පැවසීය. ඔවුන්ගේ පෙළපාලිය පස්වරු එකට කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිටින් ආරම්භවේ.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කම්කරු දිනය අදයි:සමරු උළෙල රැසයි
මහී Monday, 01 May 2023 07:18 AM
කම්කරු දිනය නිවසේ සිට සමරමු. කම්කරු දිනය අයිති වැඩ කර උපයන කම්කරුවාටය. බදු මුදලින් ජීවත් වන දේශපාලන නිකමුන්ට නොවේ.
Kule Monday, 01 May 2023 01:05 PM
මෙවා කම්කරු රස්වේම් නෙවෙයි, තනිකරම දේශපාලන පක්ශ තම බලපුලුවන්කාරකම්දක්වන සන්දර්ශන