ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය. 10 October 2022
මැතිවරණ කල්දැම්මොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා ජනතාව හමුවට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල්දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත්, එසේ මැතිවරණ කල්දැමීමට ඉඩනොදෙන බවත් නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 10 October 2022
ජනාධිපති කවුරුවත් කොන් කරන්නේ නෑ ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 10 October 2022
පාඨලීගේ විදෙස් තහනම ඉවතට රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චමිපික මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තිරණය කළේය. 10 October 2022
යුද හමුදාවේ 73 සංවත්සරයට 7500කට උසස් වීම් යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 10 October 2022
වෛද්‍ය වරප්‍රසාද සෙසු වෘත්තීනුත් ඉල්ලයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට වඩා ඉහළ නංවන්නේ නම් එම වරප්‍රසාදය සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට ද සමව ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති 20න් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි. 10 October 2022
දරුවන්ට හිරිහැර කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 10 October 2022
යූරියා ටෙන්ඩරය ගැන අහන්න කෘෂි ඇමති වෙලාවක් දෙයි යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව අදහස් පළ කරන හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම එම පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 10 October 2022
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රහාරයක් යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 October 2022
අයිස් පැතුරුණු ’’සයිස්’’ එක සුරාබදු ලොක්කා හෙළි කරයි අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යසනකාරී ලෙස පැතිරෙමින් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය. 10 October 2022
කොළඹ ගෙවල් කඩිනමින් හදන්න උපදෙස් දෙයි පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. 10 October 2022
ඝාතනයක සැකකරුවකුගේ දෑත් කපයි තම දියණිය සමග යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකුට මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී මග හරස් කර ඇති මෝටර් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී දෑත් කපා බරපතල තුවාල සිදු කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 10 October 2022
රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ලග ජංගම දුරකථනයක් මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 10 October 2022
හොරමැරකම් නැනි තරුණ නායකයන් බිහි කළ යුතුයි හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 10 October 2022
මවු කිරිවලත් ප්ලාස්ටික් විෂ මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි. 10 October 2022
ප්‍රා.සභාපතිලාගේ තටු කපයි ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති පාදක කාරක සභාවකට ලබාදිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංශෝධන ඇතුළත් කිරීමට නීති කෙටුම්පත් සකස් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි 10 October 2022
තැන් තැනට පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 October 2022
අධිවේගයේ අනතුරෙන් කතක් මරුට:හයක් රෝහලට අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් 10 October 2022
ඛනිජ තෙල් සංස්ථාවට මාස හයට ඩොලර් මිලියන 90 අහිමි වේ නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 6 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අහිමි වී ඇතැයි රජයට ඉදිරිපත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි. 09 October 2022
වරකාපොළදී වෙඩි කෑ කොල්ලකරුවෙක් මිය යයි වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් හලක් කොල්ලකද්දී පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටි කොල්ලකරුකු අද (8 ) රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි. 09 October 2022
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යළි කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට ( 10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 09 October 2022
ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 09 October 2022
රටේ වත්මන් අර්බුදයට හේතුව කාදිනල් තුමෝ කියති අප නිදහස ලබා ගත වූ අවුරුදු 74 මේ රටට වෙලා තියෙන්නේ රට ආපස්සට යාමයි ඒකට හේතුව ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අපේ රටේ නායකයක් කරල තියෙනවා. 09 October 2022
ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක් ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 October 2022
කොටුවේ කත බිලියනයක් වංචා කරලා මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන ව්‍යාපාරික කත සැංග්රිලා හෝටලයේ අධි සුඛෝප නිවසක වසර 1 1/2 පුරා වෙන්කවාගෙන මෙම වංචාව කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 09 October 2022
පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 09 October 2022
මාමණ්ඩියගේ පිහි පහරින් බෑණා මරුට හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුද පහරකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි. 09 October 2022
හොර ඒජන්සියක් වටලා දෙකක් සැකපිට වලංගු බලපත්‍රයක් නැතිව අම්පාර හා කල්මුණේ නගරවල පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි දෙකක් වටලා ගමන් බලපත්‍ර 21 සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 09 October 2022
පිය - පුතු ඝාතනයේ සුලමුල වසර 31කට පසු එළියට මොරටුව ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් අත්පත් කර ගැනීම සදහා මීට වසර 31කට පමණ පෙර පිය - පුතු දෙදෙනකු ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ වැව ආසන්නට දමා ගිය සිද්ධියට කතක ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 09 October 2022
මංගල්‍ය අස්සේ පොලිසිය මනමාලි උස්සයි මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. 09 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025