කසල තේ පොවන්න බැරි වේ මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 8,807 ක ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු නාවලපිටිය පාර් රේන්දපොල ප්‍රදේශයේ දී විශේෂ කාර්යබළකාර මගින් අඩංගුවට ගෙන ඇත . 08 October 2022
පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ. 08 October 2022
පළාත් රැසකට අදත් වැස්ස ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2022
සංචාරක පැමිණීමේ ප්‍රගතියක් මෙම වසරේ අගෝස්තු 31 වැනිදා වන විට මෙරටට සංචාරකයන් 4,96,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 08 October 2022
නෙළුම් කුලුනෙන් බිමට පනිමු ලෝක ප්‍රසිද්ධ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ‘බංජි ජම්ප්’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි මස සිට ‘නෙළුම් කුලුනේ’ ප්‍රදර්ශනයට කිරීමට නෙළුම් කුලුන කළමනාකරණ සමාගම සහ ‘බන්කි’ සමාගම අද (7) ගිවිසුමට අස්සන් තැබීය. 07 October 2022
උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග කල්දමයි අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 07 October 2022
ආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක් ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 October 2022
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී.අළුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය. 07 October 2022
කෝටියක් යොදා අලුත් කළ හෝටලය සී.අයි.ඩිය භාරයට කොළඹ 6, රාමක්‍රිෂ්ණ පාරේ පවත්වාගෙන යන හෝටලයක් නවීකරණය කර පවත්වාගෙන යෑම සඳහා යෙදවූ රුපියල් කෝටියකට අධික මුදල උපයාගත් ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක නිසා එම හෝටලය සහ එහි භෞතික සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට අද (7) ගෙන තිබේ. 07 October 2022
22 විවාදයට ගන්නා දින තීරණය වේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය. 07 October 2022
ජනපතිගේ විශේෂ ප්‍රකාශය ජනතාව මුලා කිරීමක් ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ජපානය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (7) පැවසීය. 07 October 2022
නිවැරදි තොරතුරු ජනගත කිරීමට කැපවන්න වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රටෙි ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . 07 October 2022
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති මියයයි අනුරාධපුර තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා අද (7) හදිසියේ රෝගාතුර වී මියගොස් ඇත. 07 October 2022
විෂමාචාරවලට ඇල්ලූ පාර්ලිමේන්තු සේවකයන් දෙන්නාගේ වැඩ තහනම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත. 07 October 2022
ත්රස්තවාදීන් යැයි රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ. 07 October 2022
බන්දුලගෙන් උද්දිකට වරප්‍රසාද ප්‍රශ්නයක් තමා සභාවේ නොමැති මොහොතක උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තමාගේ චරිතයට අපහාස වන ආකාරයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විභාගයක් පවත්වා අවශ්‍ය තීරණ ගැනීමට වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන්නැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (07) ඉල්ලීමක් කළේය. 07 October 2022
සීනි කරිඤ්ඤං ඇල්ලීමට ගෙනා නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නේ නැහැ සීනි කරිඤ්ඤං ඇල්ලීමට වසර 60, 70කට පෙර සකස් කළ නීති වර්තමානයේ දී සුරාව පාලනය කිරීම සඳහා ගැලපෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 07 October 2022
එක වගේ ආයතන එකතු කරන්න යයි එකම විෂය පථයකට අයත් ආයතන ඒකාබද්ධ කර පවත්වනවා ගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙි. 07 October 2022
නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. 07 October 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින තුනක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (8) 10 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 October 2022
ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තියට මුද්දරයක් ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම තැපැල් මූලස්ථානයේ දී අද (7) සිදුකෙරිණි. 07 October 2022
පාඨලීට තනතුරක් ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය. 07 October 2022
’’ඔබතුමා සැරට කතා කළාට කාලය දෙන්න බෑ..’’ ’’ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ’’ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 October 2022
දේශගුණික විපර්යාස වළකන්න රුවන්ගෙන් සැලසුමක් ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 October 2022
ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 07 October 2022
පේන විදියට 22 හබක් තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 07 October 2022
සජබෙන් පස්දෙනෙක් කැබිනට් එකට හොයනවා සමගි ජන බලවේගයේ පස්දෙනෙක් කැබිනට් එකට ගන්නට හොයනවා යැයි ආරංචි බවත් පස්දෙනෙක් තියා එක්කෙනෙක් වත් ආණ්ඩුවේ කැබිනට් එකට යන්නේ නැතැයි වගකීමෙන් පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කීය. 07 October 2022
උණු වතුර කල්දේරමට වැටුනු රැඳවියෙක් මියයයි උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි. 07 October 2022
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ලෝක බැංකුව ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 October 2022
ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ පෙත්සම විභාගයට රටේ සිදුවූ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු සොයා බලා ඊට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය 07 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025