
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
යහපාලන රජය සමයේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සේනානායක මහත්මිය කලක් මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසද කටයුතු කළාය.
රෝසි සේනානායක මහත්මිය 1980 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙස ද 1985 වසරේදී ලෝක විවාහක රූ රැජින ලෙස ද කිරුළු පැළඳ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නැවත සැප..., මේ තමයි මේ බලු ක්‍රමය, මිනිසුනේ මේ දෙගොල්ලන්ම මෙවර කම්බස් කරමු...
එයාට ලොකු තනතුරු, මෙහේ රට්ටු ඉන්නෙ වැලේ වැල් නැතිව, දැන් මොනවද වාහනේ, ඩ්‍රයිවර් පඩි, අපෙන්, අනේ අපේ රටට, ජනතාවට ගිය කලක්.., දැනෙන්නේ අපේ රට හොරු ටිකක් අල්ලගෙන, පාලනය කරනවා වගේ...!
දැන් මෙයාගේ පරණ රූප සුන්දරී කතාව අපිට වැඩක් නැහැ. ඒ කාලේ හිටිය මෙයාට වඩා ලස්සන හින්දි නිළියන්ගේ අද ලස්සන යූටියුබ් එකෙන් බලාගෙන අපිට අනිත්‍ය සිහිකරන්න පුළුවන්...
ලෝකේ දුප්පත්කම 11 වෙනියාට. පාසල් ළමුන්ගේ දක්ෂතාවන් වලට මේ ඉඩ වෙන්කළා නම් රටට මීට වඩා යහපතක් සිදුවේ...
දැනුම් සම්භාරයක් තියෙන අයෙක් වෙන්නැති, ජනතාවගේ බදු මුදලින් අදාළ දීමනා සහ වරප්‍රසාද ගෙවා උපදේශක තනතුරට පත් කරන්න ඇත්තේ...
දැන් ලොක්කට උපදෙස් දෙන්නේ ලොක්කගේම ගෝලයොනේ... ගුරාට ගෝලයෝ අකුරු කියලා දෙති... අපිටද පිස්සු.. නැතිනම් ගෝලයාටද?
පින් ජනපතියාට ගොට්ට අල්ලපු කෙනෙක් නිසා ලොකු තනතුරක් දෙන්න ඇති
දැන් නම් සෑම පළාත් පාලන ආයතනයකම ජාත්‍යන්තර මට්ටමේ වැසිකිලි සාදයි .එයට කල කිත් එපමණයි
හරිම තරුණයි එයා. තරුණයින්ට අවස්ථාව දෙනවා කියා ජනාධිපති තුමා කීවා, වැඩේ තිතට කරලා....