(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
57 හැවිරිදි මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයට දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුරලිය හැඩිගල්ල ජනපදය බොල්ලුන්න ලිපිනයේ පදිංචි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තාවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව රෝගීව සිටින තැනැත්තියක් අතර රෝහල් ගතව සිට නිවසට පැමිණ තිබූ බවත් ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් නට්ටං වෙනකම් පෙරකදෝරුවන්ට ගෙවලා අන්තිමට ජීවිතාන්තය දක්වා හිරේ යන්නත් පුළුවන්...!
පුදුම මුණුබුරෙක්නේ... අම්මාගේ අනුදැනුම මත සිදුවුණා වත්ද?
මේ මවටත් ඔය ටිකම මෙයා කරයි බිරිඳට කරදරයි කියලා... මොවුන් වගේ මෝඩ මිනිස්සු. දැන් ඉතිං විඳවපන්කෝ.... මොවුන්ට හිතෙන්නේ නැද්ද මේවා අහුවෙයි කියලා. හදිසි කෝපයක් නෙමෙයි නේ...!
ආච්චිගේ වයස 57, මුනුබුරාගේ වයස 24 නම් අම්මගේ වයස කීයද ?
නිදා සිටින රජුට මැස්සගෙන් කරදරහි කියා මැස්සාට කඩුවෙන් පහර දුන් වදුරාගෙි කථාව අපි දන්නවා. ඒ් වදුරා වගේ අය තවමත් අපේ රටේ ඉන්නවා කියා මෙම සිද්ධිය සනාථ කරයි.