පාකිස්තානු මහ කොමසාරිස්වරයා කුච්චවේලි සංචාරයක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඕමාර් ෆාරුක් බර්ක මහතා කුච්චවේලි ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 06 October 2022
අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි. 06 October 2022
උ.පෙළ කල්දමන්නැයි ගම්මන්පිලගෙන් විද්‍යුත් පෙත්සමක් අ.පො.ස උසස් පෙළ 2022 විභාගය පැවැත්වීම 2023 පෙබරවාරි මස දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා විද්‍යුත් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 06 October 2022
ප්ලේන්ටියට පාලන මිලක් ඉල්ලයි ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් තේ සහ කිරිතේ මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 50 ක්ව තිබූ තේ එකක් රුපියල් 30 ක් දක්වා ද, රුපියල් 120 ක්ව පැවැති කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (6) පැවසීය. 06 October 2022
බොරතෙල් මිලේ ස්ථාවරත්වයට බැරල් මිලියන 2ක් කපා හරියි බොරතෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා දිනකට අපනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් ප්‍රමාණය මිලියන 2 කින් කපා හැරීමට ඔපෙක් ප්ලස් සංවිධානය තීරණය කළ බව ඊයේ (05) නිවේදනය කළේය. 06 October 2022
විසි දෙක විවාදය ලබන සතියට කල් යයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන සතියට කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (6) තීරණය කළේය. 06 October 2022
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය. 06 October 2022
දයාසිරි කළ ප්‍රකාශය ‘සිපෙට්කෝ’ ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉන්ධන ආනයනය පිළිබඳව ඊයේ කළ ප්‍රකාශය තරගයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතාට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 October 2022
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2022
මලල ක්‍රීඩා ශත සංවත්සරයට සමරු මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම -- 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී අද (6) විවෘත කෙරිණි. 06 October 2022
චාල්ස් රජුගේ මෞලිමංගල්‍යය 2023 ජූනි මාසයේ දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවුණු තෙවැනි චාල්ස් රජුගේ සම්ප්‍රදායික රාජාභිෂේක මංගල්‍යය හෙවත් මෞලි මංගල්‍යය ලබන 2023 වසරේ ජූනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. 06 October 2022
ජනපතිගෙන් සුමන්තිරන්ට පිළිතුරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳව ඉදිරි සති දෙකක් ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2022
වාරියපොළ කැලෙන් හමුවූ බිළිඳා පරිවාස බාරයට දින කීපයකට ඉහතදී වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටියදී හමුවූ ළදරුවා පරිවාස බාරයට පත්කරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය. 06 October 2022
මුදල් මණ්ඩලය ගත් අලුත්ම තීරණය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේ බලාපොරොත්තුවන වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථිකයේ සිදුවිය හැකි වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (05) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 06 October 2022
’’මිල්කෝ’’ ලාබ ලබන්න සැලසුමක් හදයි රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය. 06 October 2022
අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කෙරෙන ගැසට්ටුවක් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 06 October 2022
රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය. 06 October 2022
ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡාවේ සම මුලසුන දැරීමට ජපානය එකඟ වුණා ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 06 October 2022
හිටපු ජනපතිගේ පෙත්සම 10 වැනි දා කැඳවයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් ගොනු කොට ඇති පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙ පෙනී සිටින ලෙස එනම් දෙමින් තමන්ට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 06 October 2022
බදු ආදායම සියයට 14 දක්වා වැඩි කරන්න එකඟ වෙයි දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය. 06 October 2022
පාර්ලිමේන්තු සේවකයෙක් කුඩුත් එක්ක මාට්ටු පාර්ලිමේන්තුවේ සේවකයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්ද සමඟ තලන්ගම පොලීසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගනු ලැබීය. 06 October 2022
කුඩයක් අරන් ගමන් යන්න බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේදීත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2022
කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි. 06 October 2022
විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස් මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙසත් ඒ සඳහා අනුබල ලබාදෙන මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙස මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි තවත් ධීවරයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 05 October 2022
මානව හිමිකම් යෝජනාවට ලංකාව විරෝධය දක්වයි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ 51/5 යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය. 05 October 2022
පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන් පහකටත් අවසර පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුටද එහි සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවේ. 05 October 2022
‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට වන්නාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 05 October 2022
22 ගැන විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසයි විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (05) උපදෙස් දුන්නේය. 05 October 2022
කතක් රවට ලක්ෂ 13 කොල්ල කැ හයක් අල්ලයි වාහනයක් මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් සිටි කරවල ව්‍යාපාරික කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා ඇය සතුව තිබු රුපියල් ලක්ෂ 13 ක මුදලක් කොල්ල කෑ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි. 05 October 2022
වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025