කඳුළු ගෑස් ගැන තොරතුරු දීම පොලිස්පති යළි ප්‍රතික්ෂේප කරයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදී ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ. 07 October 2022
දුම්රියේදී කඩුවකින් පහරදී රන් මාලය-ලක්ෂ දෙකක් සොරාගත් 2ක් අල්ලයි කොළඹ සිට මාතර දෙසට දහවනය කෙරෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් අඹු සැමි යුවලකට කඩුවකින් පහර දී බිරිඳගේ ගෙලබැඳි රන් මාලය සහ ලක්ෂ දෙකක මුදල් පැහැර ගත් එක් සැකකරු මොරටු පොලිසියෙ විසින් ඊයේ (06) සහ අනෙක් සැකකරු අඟුලාන පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. 07 October 2022
කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම් කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 October 2022
සපුගස්කන්ද යළි වැසෙයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 October 2022
මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ දී වෙඩි තබා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගිරිඋල්ල ප්‍රදේශයේ දී ඊයේ (6) රාත්‍රියේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 07 October 2022
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි . 07 October 2022
දරුවකු පැහැරගෙන පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 07 October 2022
මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි 07 October 2022
බස්නාහිර සහ සබරගමුවට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2022
සාහිත්‍ය නොබෙල් තෑග්ග ප්‍රංශ කතුවරියට මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය. 07 October 2022
කොස්ගම - අවිස්සාවේල්ල කෝච්චි පාර වැසෙයි කැළණිවැලි දුම්රිය මාර් ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) රාත්‍රියේ 8:30 සිට 10 වෙනිදා උදේ 6.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර් ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 06 October 2022
උද්ධමනය තවත් වැඩිවේවි මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (6) පැවැසීය. 06 October 2022
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් මහතා අද (6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේදී රාජකාරි බාර ගත්තේය. 06 October 2022
හොරකම් වහගන්න කෝප් සභාපතිකමට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පත්කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර් ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති තතනතුර සඳහා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු පත්කරගෙන ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වංචා, දූෂණ සහ හොරකම් හෙළිවීම වළක්වාගැනීමේ අරමුණින් විය යුතු බව එම තනතුර සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය. 06 October 2022
කිසිවෙකුත් අත නොහැර ඉදිරියට ගෙනයන්න ජනාධිපති වැඩක් අරඹයි ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 06 October 2022
සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙකු දුමිරියේ ගමන්ගත් යුවළක් බිය ගන්නා සැමියාගේ සුළැගිල්ල වෙන් වනතෙක් කඩුවෙන් කොට බිරිඳ සතු රන්මාලය, හා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහිත පසුම්භිය කොල්ලා කා ඇතැයි පොලිසිය පවසයි. 06 October 2022
ලංකාව ගැන යෝජනාව මානව හිමිකම් කවුන්සලය පිළිගනී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන තේමාව යටතේ ගෙන ආ 51/5 යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වුණු අතර එම යෝජනාවට පක්ෂව සාමාජිකයෝ 20 දෙනෙක් එහිදී ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 7 ක් ඡන්දය ලබා දුන්හ. 06 October 2022
ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ. 06 October 2022
පළමු පොපි මල ජනපතිට පළඳවයි පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. 06 October 2022
පාසල්වල මත් ජාවාරම නැති කරන්න ඇමැති සැරසෙයි පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පවා රැගෙන එන බවට තොරතුරු වාර්තාවන බව ද කොළඹ නගරයේ පාසල්වලින් එය වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. 06 October 2022
රටපුරා කුණු කඳු දහ නවයක් පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 October 2022
කොළඹ වරාය නගරයට අද සිට නව පොලිස් මුරපොළක් කොළඹ වරාය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් අද (6) නව පොලිස් මුරපොළක් ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය පවසයි. 06 October 2022
දයාසිරිගේ නිල නිවස ගැන කංචනගෙන් ප්‍රකාශයක් විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය. 06 October 2022
ඉසුරු සොයා 3569ක් කොරියාවට මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 06 October 2022
තවත් පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීම හෙට (07) පස්වරු 3.15 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. 06 October 2022
වගකීමෙන් වැඩ නොකළොත් මැයි 9ට වඩා අභාග්‍යක් වේවි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළුදෙනා වගකීම් සහගතව කටයුතු නොකළහොත් මැයි 09 වෙනිදාට වඩා භයානක සිදුවීම් කරා රට ගමන් කිරීමට ඉඩ ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2022
බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ කාන්තා කණ්ඩායමට සහතික ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකුගෙන් යුත් පළමු කාන්තා කණ්ඩායමට පසුගියදා කණ්ඩායමට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අතින් යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රවීණතා සහතික හිමිකර ගත් බව යුද හමුදාව පවසයි. 06 October 2022
දළ සංචිත තවත් අඩු වේ ශ්‍රී ලංකා මහා බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 1.8ක් මට්ටමට අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 06 October 2022
තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියනයක් සොයයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට වඩාත් සුදුසුම ක්ෂේත්රයක් බවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියනක ආයතනයක් නිර්මාණය කිරීමට හැකිවන්නේ නම් අර්බුදය අවසන් කළ හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ආචාර්ය අජන්ත අතුකෝරළ මහතා පැවසීය. 06 October 2022
22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක් විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. 06 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025