
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.
ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අනාගත ඉන්ධන ආනයන සැළසුම, බෙදාහැරීමේ සැළසුම සහ තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංචන වගේ 10ක් රනිල්ට හිටියොත් ගොඩ...!
වැඩක් කළහැකි අයෙක් කවුරු මොනවා කිව්වත් ඔතැන ඉන්න ගොඩක් දෙනෙකුට වඩා යමක් කරලා පෙන්නලා තියෙනවා.
කොන්ද කෙලින් තබා ගෙන ඕනෑම ප්‍රශ්නයකට නොබියව මුහුණ දෙන කාංචන මැතිතුමාට හිස නමා මාගේ ප්‍රණාමය පුද කරමි
මෙයාට වඩා මෙයාගේ තාත්තා තමයි වැඩ පෙන්නලා තියෙන්නේ... ධීවර ඇමැති කාලේ පෙන්නපු වැඩ ගැන ලංකාවේ ධීවර වරායන්ට කට තියෙනවා නම් කියයි. කොච්චර පින් කළාද කියලා දැන් ඉන්න විදිය දැක්කොත් පෙනෙයි. පියමග යෑමට වාසනාව ලැබේවා. 35% වැඩිකිරීමට තිබූ විදුලි බිල 75%ක් වැඩි කිරීමෙන් ලද පිනම හේතුවේවා...!
මේ පුද්ගලයා විශ්මය ජනකයි...