(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රත්නපුරෙන් මෑතකදී සොයා ගනු ලැබූ මැණික් පොකුර ඩොලර් කෝටියකට තක්සේරු කර පසුව ඩොලර් දහදාහකට තක්සේරු කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය.
වර්තමනයේ එහි ඇත්තේ කෞතුක වටිනාකමක් පමණක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු පැවසූහ.
අධිකාරිය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම හේතුවෙන් රුපියල් කෝටි තුනකට වැඩි අලාභයක් සිදුවී ඇතැයි කෝප් කමිටුව පවසයි.
ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රුපියල් කෝටියකට වැඩි ඇප මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස කෝප් කමිටුව නියෝග කළේය.
රුපියල් කෝටි 2 ක වියදමින් ගිණුම් මෘදුකාංග පද්ධතියක් ස්ථාපිත කිරීමට පෞද්ලික ආයතනයක් සමග ගිවිසුම්ගත වුවද තවමත් එම කටයුතු නිමාවී නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
මැණික් කර්මාන්තය නියාමනය කිරීමේ එකම බලධාරියා වන අධිකාරිය ව්‍යාපාර කටයුතුවලින් ඈත් විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කළේය.
අධිකාරිය තුන්වන පාර්ශව සමග ඍජුව මැණීක් ගැරීමේ ව්‍යපෘතිවල නියැලීම නොකළ යුතු බවටද කමිටුව අවධාරණය කළේය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
රැස්වීම කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට තෙල් හම්බවුණත් ඔච්චරයි වෙන්නේ... අන්තිමට සුද්දා සල්ලි ටික ඔක්කොම අරන් යයි. අපිට පාඩුවක් වන විදිහට වැඩේ වෙයි. ‘කෝප්.‘ කමිටුවේදී අප්‍රසාදය ඵලකරයි. අපේ ඇමැතිලයි. ඉහළ කොමිස් ගහගෙන පෝසත් වෙයි.