(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා පෙරේදා 25 රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉකුත් 23 වැනි දා අත්අඩංගුවට ගෙන ලක්ෂ 75කදඩ ගැසූ ඔහු සිද්ධියට දින කීපයකට පසු මෙසේ විදෙස් ගත වී ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගයරේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාර එන්නේ රත්තරන් ගිලලා...
ටිකක් විමසිල්ලෙන් පරිස්සමෙන් බලාගෙන ඉඳිමු. තොත්ත බබාව ආයේ කවුරු හරි රවට්ටලා මොනවා හරි බෑග් එකට දමයිද දන්නේ නෑ...?
ඉතිරි ටික ගේන්න වෙන්න ඇති...
ගෙවපු දඩ මුදලත් රාජ සන්තක කරපු වටිනාකමත් හොයා ගන්න තමයි යන්නේ. ගෝලයත් යන්නට එති. ජයෙන් ජය වේවා!!!
තව ලෝඩ් එකක් ගේන්න වෙන්නැති. මේ සැරේ ඇල්ලුවොත් මම බලාගන්නං කීවාලු...
ඊ ළඟ බඩු තොගය ගේන්න වෙන්න ඇති...
පාඩුව පිරිමහගන්න තව රත්තරන් තොගයක් අරන් එයි...
පර බුන් පරීක්ෂා කරන්න ස්කෑනර් නැතිලු. වැඩේ සිම්පල් කාමරේකට අරගෙන හෝ එළියේ තියාගෙනම ඇඳුම් ගලවන්න. නූල් පාටක් වත් ඇඟේ නැතිවුණාම ෂුවර් බඩු නැහැයි කියලා...
දෙවෙනි ස්ටොක් එක ගෙනෙන්න ගියා වත්ද?
මෙයා මේ පාර යන්න ඇත්තේ මුහුදු මැරයින්ගෙන් රත්තරන් සහ මොබයිල් ගන්න වෙන්න ඇති.. මොවුන් ඔක්කොම හොරු.. රාජපක්ෂ පවුලම හොරා කෑවේ මේ මාර්ගයෙන් තමයි.
මොනවා අරන් ගියාද දන්නේ නෑ..?
මෙයා ඔය වැඩේ කරපු පළවෙනියා නොවේ...
මේ යකුන්ට පාලිමන්ට් එකෙන් පඩි ගෙවන්නේ ඩුබායි ගිහින් හොර බඩු ගෙනාවටද ?