(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුනි 9 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (26) නියෝග කලාය.
කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම නැමැති 30 හැවරිදි අයකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.
කළුතර උතුර ප්‍රදේශයේ උගන්වන උපකාරක පංතියක් පවත්වන , සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබූණි.
සැකකරු භාවිතා කල ජංගම දුරකථනය සහ ලැප්ටොප් යන්ත්‍රය මෙතෙක් පොලිසිය වෙත භාරදී නොමැති බවත්, බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර ලබාදෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එවුන්ට දඬුවමක් කරන්න පුළුවන් වන්නේ සිසුන්ට පමණයි. කොහොමද කිව්වොත් ඔහු කොතරම් දක්ෂයෙක් වුණත් ඔහුගේ පංතිවලට කිසිම කෙනෙක් සහභාගි නොවිය යුතුයි... ඔහු ගැන සමාජ මාධ්‍යවලින් නැත්නම් කටින්කට හෝ දැනුවත් කරන්න ඕනෑ...
දැන් ඉතිං මෙයාගේ පන්ති නෙමෙයි මෙයාට පන්ති දාලා එහේ ඉන්න අයියලා කියලා දෙනවා ඇති. කොහොමත් හිරේ ගියාට පස්සේ හිරේ ටියුෂන් කරන්න බැහැනේ. කොහොමද ළමයි එහෙට යන්නේ...?