
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සඳහන් ලිපියක් කිලිනොච්චිය තැපැල් කන්තෝරුව පාරේ පිහිටි නිවසකින් සොයාගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය විසින් පවත්වාගෙන යයි.
මෙම ලිපිය නිවසේ තබා ගිය බව කියන නානඳුන කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ආගම අපේ හුස්ම හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තිබෙනවා ඒ නිසා පාසල් යවන්න එපා යැව්වොත් මරනවා. මෙම ලියුම ගැන ඔයාලා වෙන අයකුට දැනුවත් කළොත් මරනවා අනිවාර්යෙන්ම අපි එය කරනවා යනුවෙන් ලිපියේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
මෙම ලිපියේ ජංගම දුරකථන අංක දෙකක් ද සඳහන් කර තිබූ අතර එක් ජංගම දුරකථනයක් ඉදිරියෙන් අපේ නායකයා යනුවෙන් සඳහන් කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලිපියේ සඳහන් කර තිබූ එම ජංගම දුරකථන අංක 2ක ඔස්සේ පොලිසිය වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් රට බේරාගන්න අවස්ථාවක් එයි වගේ
ඕක පිටිපස්සේ ජරා පක්ෂලා ඉන්නවද කියලා බලන්න
රාජපක්ෂ වරැන්ගෙ පලැන් ඔවා අහුවෙන්න එපා