
අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින, 1983 දී ඇමෙරිකා සංචාරයකට ගොස් සිටිද්දී, ඇය ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වූ බවට තොරතුරු එෆ්.බී.අයි සංවිධානය මුදා හරින ලද ලිපිගොනු වලින් තොරතුරු අනාවරණය වී තිබේ.
එතුමිය අභාවප්‍රාප්ත වීමෙන් පසු 1983 සිදුකළ ඇමෙරිකානු සංචාරයට අදාල ලිපිගොනු එෆ්.බී.අයි සංවිධානය මුදා හැර තිබේ.
එම ලිපිගොනු මගින් එෆ්.බී.අයි සංවිධානය දෙවැනි එළිසබෙත් රැජිනගේ ජීවිතය ආරක්ෂා කළ ආකාරය පිළිබිඹු වේ. ඝාතන තැත හෙළි කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියෙකි. අයර්ලන්ත තැබෑරුමකදී එම පොලිස් නිලධාරියාට මුණ ගැසුණු පුද්ගලයකුගෙන් ලද දුරකතන ඇමතුමක් පිළිබඳ එෆ්.බී.අයි සංවිධානය දැනුවත් කර තිබේ.
රැජින ඝාතනය කර උතුරු අයර්ලන්තයේදී රබර් උණ්ඩයකින් වෙඩි තබා ඝාතනය කරන ලද තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පළිගන්නා බව එම පුද්ගලයා පැවසූ බව නිලධාරියා එෆ්.බී.අයි සංවිධානයට පවසා ඇත.
දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ කැලිෆෝනියා සංචාරයට මාසයකට පමණ පෙර 1983 පෙබරවාරි 4 වැනි දින මෙම ඝාතන තැත අනාවරණය වූ බව එම ලිපිගොනු වල දැක්වේ.
බ්‍රිටැනියා රාජකීය රුවල් නැව ගෝල්ඩන් ගේට් පාලම යටින් යාත්‍රා කරන විට යම් වස්තුවක් රුවල් නැවට අතහැරීමෙන් හෝ එලිසබෙත් රැජින යොසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගිය විට ඇය මරා දැමීමට එම පුද්ගලයා උත්සාහ කිරීමට සුදානම්ව සිටි බව එම ලිපිගොනු වල සඳහන් වේ.
(විමුක්ති එස්. රොද්‍රිගු)
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ රැජින ඝාතන තැතක් හෙළිවෙයි