(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් දද (26) පෙරවරුවේ ඉල්ලීමක් කළහ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම ඊයේ පැවැත්වුණේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
නියෝජ්‍ය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ සහ සී බී රත්නායක යන මහත්වරුන් විසිනි.
මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකයන් මතු කරන මේ ප්‍රශ්නය කතානායකවරයාට වහාම යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.
මේ අනුව නියෝජ්‍ය කතානායකවරයා සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් කතානායකවරයා සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ඇත.
අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට හැකි නීති ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමටද මෙහිදී තීරණය කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර දඟලන්න අවශ්‍ය නැහැ... දෝෂාභියෝගයක් ගෙන එන්න.
පුතාලාමේ ඡන්දය දුන්නු ජනතාවට කරපු නිගාවක්... දෙවැනියට මනාප ගත්තු පුද්ගලයාට පාර්ලිමේන්තු එන්න ඉඩදීලා ඉවත් වෙන එක නේද හොඳ...?
මහදවල් මහ බැංකුව කඩපු අය ඉවත් කෙරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්...!
හැමදේටම කලින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනෑ. ඔය සෙල්ලම සෑහෙන කාලයක් කරලා ඇති... කම්බ හොරෙක්... ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොල්ගෙඩි හොරුන්ට විතරද?
කාටද මතක? රජයේ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම බද්දේගම, එවකට උඩුගම ආසනය ඉල්ලා අස්වුණා ඔවැනි දේකට 1950 ගණන්වල, මම අහලා තියෙන කතාවක් දන්න කෙනෙක් විස්තර දෙන්න...
ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවාද ලැජ්ජාව, බය තියෙන මිනිස්සු.... අහු වුනේ මේක වුණාට හැම කෙනාම කරන හොරකම් ඕවා. මහ බැංකු හොරකමත් එක්ක මේවා මොන හොරකම්ද?
කප්පම් අප්‍රසන්නටයි ,මිනීමරු චොකා මල්ලිටයි අනිකුත් මෙකී නොකී අපරාධකාර ජාවාරම් කාරයින්ටයි ඉල්ලා අස් වෙන්න කියන්නේ නැද්ද?