බණ්ඩාරනායක ගුණ සමරයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්රාමාත්ය එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වැනි සහ එම පක්ෂයේ හිටපු සභාපතිනි, දිවගත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ සර්ව රාත්රික පිරිත් පිංකමක් එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) රාත්රියේ පැවැත්විණි.