(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ සොරා ගත් මෝටර් රථය , එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක් ,සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය,විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

වෛද්‍ය මධ්‍යස්ථානයේන් ඉකුත් 27 වැනි දින රාත්‍රි  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාම සඳහා නැවත මෝටර් රථයක් නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.