
(නිමල් ජයරත්න)
රුපියල් කෝටියකට අධික වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොලොන්නරුව ඇතුමල්පිටිය ප්රදේශයේ පිහිටි නිවසේදී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
පවුම් හයක මුද්ද සහ මුදල් කවුරුන් සොරකම් කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට කොහෙන්ද මේ තරම් මුදල්? IMF යන්නේ නැතිව මෙයා ගාවට නේ යන්න තිබ්බේ...
කොහොම සල්ලි කන්දරාවක්ද?
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා මෙදා මේ ජනපති දඩය ගෙවන්න සල්ලි නෑ කියලා..
මේ මහත්තයාගේ රස්සාව මොකද්ද? මෙතරම් මුදලක් හරි හම්බ කලේ කොහොමද කියලත් සොයලා බැලුවොත් නරකද?
අරයානම් කීවේ ඔයාලා හරි දුප්පත් කියලා...
ඇයි මේ හිටපු ජනාධිපති කෙනෙක් ගැන කියන්නේ. ජනාධිපතිලා කී දෙනෙක් හිටියාද? කෝටියක් වටිනා මුදු මාල දමන මිනිස්සු රට කොපමණ ඉන්නවාද? මොකක්ද මෙතන තිබෙන විශේෂත්වය. ජෙප්පෝ කුලප්පු වෙලා කමෙන්ට්ස් දානවා. පව්!
සරල ජනාධිපතිගෙ අහිංසක සහෝදරයෝ ...ආදයම් බදු එකේ මහත්වරුන්ට අරගලේ අයගෙ ෆයිල් හොයල බලල ඉවර වෙලා නිදහසක් තිබ්බොත් හොයල බලන්න පුළුවන් ..
අයියගෙන් පොඩ්ඩක් අහල බැලුවෙ නැද්ද.
පොහොට්ටුවෙම එකෙක් ගන්ඩ ඇති .වැඩිපුරම හොර දූෂිතයෝ ඉන්නේ පොහොට්ටුවෙනේ රත්තරන් ?
ඩේසි ආච්චි ගේ මැණික් මල්ලට වැටුනාවත්ද?
අපෙ සිරිසෙන උන්නහෙට බනින්න එපා. ඔය මැණික් ගල් මිනිහ පොලොවෙන් මතු වෙනකොට අරන් අපුවා!
ඔහු සතුව රුපියල් කෝටියකට වඩා වටිනා මුද්දක් තිබේ නම් ඔහුගේ ආදායම කොපමණද? අපට සිතාගත හැකි විය.
දෙමාපියනි ඔබේ දරුවා අදම දේශපාලනයට යොමු කරන්න ඔහුට සුභ අනාගතයක් හිමි කර දෙන්න පේනවනේ සිරිසේන ගේ මල්ලිගේ වත්කම.
මුද්ද කොහෙද තිබ්බෙ කියන එකවත් හරියට මතක නැතිවද !!??
මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද???????????
බමුණු කිියන මන්ද මානසිකයට ජේවීපී භීතකාව තදබල ලෙස වැලඳී ඇත.මොහුට පෙනෙන ආකාරයට මොහුගේ මතය නිවැරැදි වන අතර අන්මත දරන සියල්ලම ජවිපෙ බවයි. වසර හැත්තෑවත් කල වරද නොපිළිගන්නා අය මන්ද මානසිකයෙක් නොවේද?
මේ වගේ හොරකම් සහ පැමිණිලි කීයක්නම් තියනවද .ඒත් පත්තරේ දාන්නේ ජිටපු ජනාධිපති ගේ මල්ලිගේ විතරයි
එහෙම හරි ඕව ජනතාවට යා යුතුයි....
නෑ...නෑ.... එයාලගෙ පවුලේ නෙමේ.... අනිත් එකේ....