(නිමල් ජයරත්න)

රුපියල් කෝටියකට අධික  වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය කියයි.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.

පවුම් හයක මුද්ද සහ මුදල් කවුරුන් සොරකම් කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.