(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ ජර්මනියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගය පිස්තෝලයක් සමග පාතාල සාමාජිකයකු අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත .
මොහු මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "" බබා"" නමැත්තා ගේ ප්‍රධාන ගෝලයා බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගිනි අවියක් රැගෙන සැරිසරන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකය..
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 50ක් සහ පිස්තෝලය තිබී ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා අහුන්ගල්ල පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd