(අංජුල මහික වීරරත්න)

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර් පත්වලින් කැමති පොහොරක් මිලදී ගත හැකි බවද කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

දිස්ත්‍රික් දෙකක ගොවීන් කණ්ඩායම් කිහිපයක් සියයට 30 කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර මිලදී ගත යුතු යැයි අනිවාර්ය කර ඇති බවට මාධ්‍යට ප්‍රකාශ කර ඇතැයිද නමුත් අමාත්‍යංශය එවැනි දැනුම් දීමක් කර නැතැයි ද නැතැයිද කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා කීය.

එසේම සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යල කන්නය සඳහා සිදු කර නොමැති බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.