(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
හර්ද්‍රික් පාණ්ඩියා නායකත්වය දැරූ පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
චෙන්නායි පිල මේ දක්වා පැවැති අයිපීඑල් තරඟාවලි දාසයේදී ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වේ.
ශූරතාව දිනූ චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 20 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72 කට ආසන්න මුදලක් සහ අනු ශූරතාව හිමිකරගත් ගුජරාට් ටයිටන්ස් පිලට ඉන්දීය රුපියල් කෝටි 13 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 47 කට ආසන්න මුදලක් ත්‍යාග ලෙස හිමිවිය.
අහමදාබාද්හිදී අද පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 5 කින් ගුජරාට් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය වෙනුවෙන් ඉනිම ආරම්භ කර තෙවැනි පන්දුවේදී වර්ෂාව ඇඳහැලීමෙන් තරගය අත්හිටුවීය. ඒ වන විට චෙන්නායි පිල පන්දු 3 කදී කිසිවෙක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය. වර්ෂාවෙන් පසුව තරගය ආරම්භවීමේදී චෙන්නායි පිලට ජයග්‍රහණය සඳහා ඔවර15 කදී ලකුණු 171 ඉලක්කයක් භාරවිය. මෙම තරගයේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වන වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කළහ.
මතීෂ පතිරණ ඕවර 4 ට ලකුණු 44 ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාගත්තේය.
මහීෂ් තීක්‍ෂණ යැවූ ඕවර 4 ට ලකුණු 36 ක් රැස්කිරීමට ගුජරාට් පිතිකරුවෝ සමත් වූහ.
සායි සුදර්ශන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 96 ක් රැස්කිරීමට සමත් විය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 215 (රිදීමන් සාහා 54, සුබ්මන් ගිල් 39, සායි සුදර්ශන් 96, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 21, දීපාක් චාහල් 38/1, රවීන්ද්‍ර ජඩේජා 38/1, මතීෂ පතිරණ 44/2) චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15 කදී කඩුලු 5 ට 171 (රුටුරාජ් ගයක්වාඩ් 26, ඩෙවොන් කොන්වේ 47, ශිවාම් ඩුබෙ 19, අජින්ක්‍යා රහනේ 27, රවීන්ද්‍ර ජඩේජා නොදැවි 15, නුර් අහමඩ් 17/2, මොහිට් ශර්මා 36/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd