(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 3.9 තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ දැක්වේ.
උතුරු ,නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජනතාව වැඩි වශයෙන් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් පසුගිය වසරේ ජූනි සහ ජූලි මාසයන් සමඟ සැසඳීමේ දී මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පිරිස සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ 66000 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණත් මේ වන විට එම පිරිස 10000 දක්වා අඩු වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ආහාර සුරක්ෂිතතාවය වර්ධනය වීමට යහපත් ආහාර පරිභෝජනය ,ආහාර මිල යම්තාක් දුරට අඩු වීම සහ අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම වර්ධනය වීම යන කරුණු බලපා ඇත.
තවමත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.
වතුකරයේ පවුල් වල, සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන සහ දෛනික වැටුප් ලබන පවුල්වල උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් තවමත් වාර්තා වන බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගට් එකක් අයිස් ක්‍රීම් එකක් කාපු කාලයක් මතක නෑ .කාලකන්නි මූසල දේශපාලුවෝ ජනතාව ට හිතලම ඇරියා .ඕකුන්ට හෙන හතම ගහනවා .කාලකන්නි මුස්පෙන්තුන් අවජාතකයෝ
පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පූජනීය වන්දනීය පූජකවරයෙක් අපි පත්තරේ දැක්කා. කුසගින්නක පාටක් පේන්නවත් නෑ. ලංකාව ගැන බොරු ප්‍රචාර පතුරුවන්න එපා!
මොන බොරුද?????? ජනතාව තවත් ගොනාට අන්දන්න හදනව......