පාකිස්තානයට ලකුණු 33 ක ජයක් පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. 03 November 2022
ඉම්රාන් ඛාන්ට වෙඩි පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ. 03 November 2022
අධිකරණ ඇමැති-ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී හමුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්යව්ස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජුලී චන්ග්ම හත්මිය අතර හමුවක් අද ( 03) අධිකරණ අමාත්‍යාංශයේ දි පැවැත්විණි. 03 November 2022
මර්දනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකට එක් වී ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් එයට සහයෝගය නොදුන් බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 03 November 2022
අටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කැරෙති අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. 03 November 2022
පොදුවාහනය නගාසිටුවීමට ඉන්දියාව අත දෙයි ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 November 2022
ඩයනාගේ පෙත්සමට දින දෙයි තමන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනුකර ඇති පෙත්සම ලබන වසරේ මාර්තු දෙවැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 03 November 2022
කැනඩා ව්‍යාපාරිකයන් කතානායකට දුන් පොරොන්දුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා උපරිමයෙන් සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරික ප්‍රජාව එකඟතාව පළ කළහ. 03 November 2022
ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත් ඒ සඳහා ප්‍රමාද ගාස්තුව ලෙස ඩොලර් ලක්ෂ 66 ක් හෙවත් රුපියල් කෝටි 250 කට අධික මුදලක් ගෙවීමට සිදුවන බවත් ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 03 November 2022
දඬුවම් කළැයි සිසුවා මානව හිමිකම් යයි කොළඹ රාජකීය විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරුන් දෙදෙනෙක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහලේ විදුහල්පතිවරයා සහ අදාල ගුරුවරු දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. 03 November 2022
එක්සප්‍රස් පර්ල් වන්දි දෙන්න රැස්වීමක් පවත්වන්න පර්ල් එක්සප්‍රස් නෞකාව ශ්‍රී ලංකා වෙරළ තීරයේ ගිනිබත් වීම හේතුවෙන් ධීවර ප්‍රජාවට සිදුවූ හානියට වන්දි ලබා දීම පිළිබඳ ඊට අදාළ සියලු පාර්ශ්වයන් සහභාගී කරවාගෙන නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සති 2 ක් තුළ රැස්වීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශ්වකරුවන්ට නියෝග කළේය. 03 November 2022
ගුරු ඇඳුම වෙනස් නොකළ යුතුයි රාජකාරියට පැමිණීමේදී සුදුසු පහසු ඇදුමක් ඇඳීමේ අවස්ථාව ගුරුවරියන්ටත් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද එය ගුරුවරියන්ට නොගැළපෙන බව නුගේගොඩ නාලාන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ පැවසූහ. 03 November 2022
ප්‍රියාමාලි 24දා යළි බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට ජංගම දුරකථන සන්තකයේ තබාගැනිමේ චෝදනා එල්ල වී සිටින මහපරිමාණ මුදල් වංචාවකට සැකකාරියක් ලෙස වැලිකඩ බන්ධනාගාරගත තිළිණි ප්‍රියාමාලි නැමැත්තිය බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට නැවත මේ මස 24 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 03 November 2022
රට රැකියා කරන්නන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව විදෙස්ගත ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණවල වටිනාකම මත පදනම්ව විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබාදීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 03 November 2022
ආදායම් බදු පනතේ තීන්දුව කතානායකට දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගනිමින් එම පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. 03 November 2022
පිටි 96කින්:කරවල 105කින් පහළට ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 03 November 2022
ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට හෙනහුරා ලබලා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ධීවර සහ කෘෂි කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් එම කර්මාන්ත ආශ්‍රිතව රැකියාවේ නිරත වන දිනපතා වැටුප් ලබන පුද්ගලයන්ගේ වැටුපද සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. 03 November 2022
ආණ්ඩුට ඉදිරි මැතිවරණයකදී සියයට 20ක්වත් ඡන්ද නෑ ඉදිරි මැතිවරණයකදී වත්මන් රජය නියෝජනය කරන කණ්ඩායමට සියයට 20කවත් ජනතා සහයෝගයක් නොලැබෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 03 November 2022
රටේ එකම විකල්පය එජාපය බව නැවත ඔප්පු වුණා විපක්ෂය ගැනත් රටේ ජනතාවට විශ්වාසයක් නැතැයි ඔප්පු වෙමින් තිබෙන කළ රටට තිබෙන එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 November 2022
දකුණු අප්‍රිකාවට ලකුණු 186 ක ඉලක්කයක් පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර අද (3 වැනිදා) සිඩ්නි නුවරදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබාගැනීමට සමත් විය. 03 November 2022
කෙහෙළියගේ අල්ලස් නඩුවට දින දෙයි තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහි නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (03) තීරණය කළේය. 03 November 2022
ඉන්ධන මිල පහත දමන්නේ නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම සතියේ ඉන්ධන මිල පහත නොදමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 03 November 2022
සිපෙට්කෝ බස්නාහිර කාර්යාලය ඇනවුම් අත්හිටුවා දඩුවම් කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) බස්නාහිර පළාත් කාර්යාලය කොළඹ ඇතුළු ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන ඇනවුම් නොදීම හේතුවෙන් මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. 03 November 2022
මහ කන්නයට ඩීසල් බවුසර්10,909ක් ඕනෑ මහ කන්නයේ වී වගාවේ බිම් සකස් කිරීම හා අස්වනු නෙලීමෙි කටයුතු සඳහා ඩීසල් ලීටර් මිලියන 72ක් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. 03 November 2022
පාර්ලිමේන්තුවේ වැඩ ප්‍රමාදයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත. 03 November 2022
ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම බැට කන්නේ කාන්තාවන් සහ ළමයින් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වී ඇත්තේ කාන්තාවන් සහ ළමයින් බව ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පෙන්වා දෙයි. 03 November 2022
අසූර් එයා ලංකාවට රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන පැමිණියේය. 03 November 2022
8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලබන 8 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 03 November 2022
’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර් ෆොර්බ්ස් සඟරාවට අනුව කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන ’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි. 03 November 2022
අර්බුදයෙන් ගොඩ එන්න යුරෝපා සංගමයේ සහාය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් සාර්ථකව ගොඩ ඒමට යුරෝපා සංගමයේ සහාය හිමිවන බව ඉකුත් 28 වැනිදා පැවති නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ හය වන රැස්වීමේදී යුරෝපා සංගමය නැවත වරක් අවධාරණය කළේය. 03 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025