වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක් වෙන් කරයි ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාස වල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ. 08 May 2023
ඉන්දියාවේ සංචාරක බොට්ටුවක් පෙරලී 21ක් මරුට ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මලප්පුරම් මුහුදු තීරයේදී සංචාරක බොට්ටුවක් ඊයේ (07) සවස් කාලයේදී පෙරලීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටත් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය පෙන්වා දෙයි. 08 May 2023
විදුහල්පති සම්මුඛ පරීක්ෂණ 22 සිට ඇරඹේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගය සමත්වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ලබන 22 වැනිදා සිට ජුනි මස 1 දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරේ. 08 May 2023
ක්‍රීඩා ඇමතිගේ රග්බි අතුරු කමිටුව පිළිගන්නේ නෑ ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සඳහා නීත්‍යානුකූල ලෙස පත්වූ රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලය පමණක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බවත් වෙනත් ආකාරයට පත්කළ කමිටු පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අන්තර්ජාතික රග්බි සංගමයට ලිඛිතව දැනුම්දී තිබේ. 08 May 2023
ඉන්දීය පාන්පිටි මිල ඉහළ යයි ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි (පාන්පිටි) තොග මිල රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක නව තොග මිල රුපියල් 210 ක් බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (8) පැවසීය. 08 May 2023
දුම්රියේ පොකට් ගසා පොලිස් කූඩුවේ රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ විවේක ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගන්නා සැකකරුවකු සිය බාරයට ගත් බව හැටන් පොලීසිය කියයි. 08 May 2023
කෝටි 15 කට අධික රන් රේගුවේ හිරවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් පහළොස් කෝටි විසි පන් ලක්ෂයක් වටිනා කිලෝග්‍රෑම් 07 ක් බරැති රත්තරන් තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු රේගු පරිශ්‍රය පසු කර කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 08 May 2023
ජනපති යළි දිවයිනට එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 08 May 2023
මීගොඩ ව්‍යපාරිකයකුගේ කෝටි ගණනක දේපොළ උස්සලා විදේශ රටවල් සමග සෘජුවම සම්බන්ධ වී නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියකුගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. 07 May 2023
කුඩු අංජුගේ ප්‍රංශ පෙම්වතිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු මෙන්ම පාතාල නායකයකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙසජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 07 May 2023
හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන අද (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කළේය. 07 May 2023
පාසල් සිසුවා මුහුදේ සැඟවේ බූස්සේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 07 May 2023
වේයන්ගෙඩ ඛේදවචකයක්:මව බේරා පුතාත් පෙම්වතියත් ඔයේ අතුරුදහන් දී ඇල් ඔයේ ගසා ගෙන ගිය මව බේරා ගැනීමට ඔයට පැන්න පුතා ද ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ද දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. 07 May 2023
ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාත්‍රී පෙරහැර ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විණි. 07 May 2023
දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක් කොළඹ - මහනුවර මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි . 07 May 2023
සීනි මිල ඉහළට පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 07 May 2023
ඩෙංගු වසංගතයක් වෙයි ඩෙංගු වසංගත තත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීමක් කළේය. 07 May 2023
සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 07 May 2023
නාථගනේ ස්තූපය - නටබුන් අනාගත පරපුරටත් ඉතිරි කරන්න නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් බවත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 07 May 2023
වෙසක් දා ඝාතන තැතැක් වැළකේ වෙසක් දිනයේ මට්ටක්කුලිය කදිරාන වත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙක් පිස්තෝලයක්, පතරොම් 10 ක් සමඟ කොළඹ උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 May 2023
පෙරහර අතරේ නිලමේ අලියා පිටෙන් බිමට ගම්පහ සාම මහා විහාරය මගින් පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙක් අලියා පිටෙන් බිමට ඇද වැටුණේය. 07 May 2023
දක්ෂිණ අධීවේගීයේ අනතුරක්:5ක් රෝහලේ එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටී වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8 දශම 4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 07 May 2023
කාන්තාවන් 170 ක් මාස තුනකදී විදේශ රැකියා ජාවාරමට හසුවෙලා නීත්‍යානුකූල නොවන ආකාරයට විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 ක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම වසරේ පළමු මාස තුන තුළ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 07 May 2023
එළු හබේ මරණින් කෙළවර වෙයි වාලච්චේන නාපතාවිල් ප්‍රදේශයෙන් කුඹුරු ගොවිපොළක බෝග වලට එළුවන් හානි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් 74 වැරදි වයෝවෘද්ධ ගොවියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. 07 May 2023
සිසුවා පැදවු රිය විදුලි කණුවක ගැටෙයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 07 May 2023
යලේ පොහොර වවුචරයට මුදල් කමිටුවේ අනුමැතිය මෙවර යල කන්නයේ දී ගොවීන්ට යූරියා ,බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 May 2023
රටින් පනින්න ගිය 6ක් අල්ලයි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සමග ඩිංගි යාත්‍රාවක් මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 07 May 2023
දියවළට ඥාති සහෝදරයෝ බිලි වෙති මතුරට පදියපැලැල්ලේ, ඉඩමිපිටිය වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති සහෝදරයකු සහ සහෝදරියක් දියේ ගිළී මියගොස් ඇති බව මතුරට පොලීසිය පවසයි. 07 May 2023
දිස්ත්‍රික්ක පහකට නාය අවදානම් නිවේදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (07) පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ. 07 May 2023
වක්ඔයේ ගිලී කාන්තාවක් මරුට හංවැල්ල වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් අයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 07 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026