(සුමිත් පොතුපිටිය )

ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ , නින්දාන ප්‍රදේශයේ පදිංචි 40 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු තවත් දෙදෙනෙකු සමග එක්ව ව්‍යාජ  මැණික් ගල්කැට ලබාදී ඒ වෙනුවට වටිනා රන් භාණ්ඩ ලබාගෙන තිබූ බවට ගාල්ල සහ කළුතර ප්‍රදේශයේ පැමිණිලි ලැබී ඇති බව  පොලිසිය කීය.

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන්මාල 2 ක්, රන් වලලු 2 ක් සහ රන් මුදු 2 ක්ද සොයාගත් බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.