(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක සහ සුමිත් පොතුපිටිය)

මියගිය වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට බවත් ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

වෛද්‍යවරයකුට තිබිය යුතු අවම සුදුසුකමක් වත් නොමැති පුද්ගලයකු වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ප්‍රතිකාර ලබා දෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

එම බළකායේ පොලිස් සැරයන් (428) ජයලාල් සහ කාන්තා පොලිස් කොස්තාපල් (13090) රිහාරි මහත්ම මහත්මීන් අඹු සැමි යුවළක් ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ගොස් වෛද්‍ය සහතිකයක් ද ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ තොරතුරු වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වර්ෂ 1968 දී ලියාපදිංචි වුවද එය සක්‍රීය ලෙස පවත්වාගෙන ගොස් නොතිබූ බවද අනාවරණය වී ඇත.