(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae  නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.

2019 සිට මෙරට පොල් වගාවටත් ඉන් අනතුරුව පලතුරු හා එළවළු  වගාවටත් සුදු මැස්සාගේ හානිය බරපතල ලෙස සිදුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සුදුමැස්සගේ හානිය පාලනය සඳහා ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක් වන  Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් පර්යේෂණායතනයට හඳුන්වා දීම  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

සුදු මැස්සා පාලනය සඳහා හඳුන්වා දී තිබෙන නව පරපෝෂිතයා හඳුනාගනු ලැබ තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ  අතිරේක අධ්‍යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා විසිනි.

මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර වල ගුණනය කිරීම මගින් නොමිලයේ ම ගොවීන්ට ලබා දීමට කටයුතු සුදානම් කර ඇතැයි ප්‍රභාත් නිශාන්ත මහතා  ප්‍රකාශ කළේය.

මෙම පරපෝෂිතයා ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ නිසා පොල් වගාවෙි පැවැති සුදුමැස්සන් ගහනය සියයට 95 සිට සියයට පහ දක්වා අවම වූ බව ද අනාවරණය වී තිබෙි.

(රුසිරු කොළඹතන්ත්‍රි‌)