(නිමන්ති රණසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරගලකරුවන් ඒ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ පදිංචි සහතික අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් තවත් ඇප කොන්දේසියක් නියම කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට අරගලය පැවැති ඉකුත් වසරේ ජුනි මස 09 වැනිදා එම ‘ගිනි තැබීමේ සිදුවීම’ මෙම සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් වශයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලැබ තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හරිමින් නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd