(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිවුවැනි සහ අවසන් තරගය වන ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 245 ක් රැස්කළේය.

ස්කොට්ලන්තය ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 4.92 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 246 ක් රැස්කළ යුතුය.

පැතුම් නිස්සංක පන්දු 85 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් ඉනිf් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245 (පැතුම් නිස්සංක 75, සදීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, මාර්ක වොට් 52/5 ක්‍රිස් ග්‍රිව්ස් 32/4)