(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙරට පිහිටි වියට්නාම් තානාපති කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා පදිංචිව සිටින කොළඹ 7 වෝඩ් ප්‍රදේශයේ පිහිටි නිවසට හොර රහසේ ඇතුළු වී විදෙස් සහ මෙරට මුදල් තොගයක් සොරාගත් බව කියන පුද්ගලයෙක් වත්ත පොලිසිය විසින් පෙරේදා 26 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මරදාන ඩීන්ස් පාරේ පදිංචි හතළිස් දෙහැවිරිදි අයෙකි.

වියට්නාම් තානාපති කාර්යාලය කාර්යාලයේ පරිපාලන නිලධාරීවරයාගේ කාමරයක තිබූ රුපියල් 2,06,500 මුදලක් ඇමරිකන් ඩොලර් 2300ක් සහ මාලදිවයින් මුදල් 100ක්සොරාගෙන ගොස් තිබිණි යැයි පොලිසිය පවසයි.

වියට්නාම් ජාතික මෙම පරිපාලන නිලධාරි වරයා එළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත තෝරාගත් මුදල්ය මුදල් ද පොලිසිය විසින් සොයා ලැබිය.