
(අංජුල මහික වීරරත්න)
සංචාරක ක්ෂෙත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියා ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථිත්වය අතර එකඟතාවකට එළඹ ඇත.
ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිගේ අනුමැතියද ලැබී තිබේ.
ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd