නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 15 August 2023
අගෝස්තු නිවාඩුව දින 10යි රජයේ පාසල් සඳහා දෙවන වාරය පළමුවාරය අගෝස්තු මස 17 අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 15 August 2023
කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා) තොරතුරු අනාවරණයවිය. 15 August 2023
මහවැලියත් පතුලටම හිදෙයි අධික නියගය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසීය. 15 August 2023
පෑලියගොඩත් අලුත් වෙයි බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 August 2023
ශිෂ්‍ය නායක හබය වස දීමෙන් නවති නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි. 15 August 2023
පොලිස් නිලධාරින්ට පහරදුන් සිද්ධියට 7ක් අල්ලයි බෙන්තොට ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර ඔවුනට පහර දී තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. 15 August 2023
කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කර ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදය ලිහිල් කළ බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 August 2023
අයිස් සමඟ ඇල්ලූ පීසී ගෙදර ඔරුගොඩවත්ත විදුලි ආලෝක සංඥා පුවරුව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා එම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බවටකොළඹ අධිකරණ වෛද්‍ය වෛද්‍යවරයා විසින්පරීක්ෂාකර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 15 August 2023
වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකළ බව මාන්කුලම් පොලිසිය කියයි. 15 August 2023
නව සංචාරක ප්‍රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 August 2023
වෙල්ලස්සේ සරසවිය අසල කැලේ ගින්නක් ඌව වෙල්ලස්ස සරසවිය අසල හඟුරු රක්ෂිතයේ ඇති වූ ගින්නක් මේ වන විට ඉතා සීඝ්රයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති. 14 August 2023
කිරට හඬන නිවුන්නු මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිටින අඹුසැමි යුවළක් රත්තොට පල්ලේ තැන්නෙන් අපට හමුවිය. 14 August 2023
හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල සිඟමනේ ගිය යුච හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු දෙණියාය නගරයේ දී සිඟමනේ එකතු කළ සම්මාදම් මුදල්රු 410 ක් සමග අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි. 14 August 2023
හම්බන්තොටට නිර්වින්දන වෛද්‍යවරයෙක් ලැබේ හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා පවසයි. 14 August 2023
නිර්වින්දන වෛද්‍යවරු නැතිව හම්බන්තොට රෝහලේ සැත්කම් නිර්විද්න විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශළ්‍යකර්ම 30කට ආසන්න සංඛ්‍යාවක් අද සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි. 14 August 2023
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ. 14 August 2023
ලෝකයෙ ඉහළට ගිය අපේ විද්‍යාඥයෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත. 14 August 2023
රජය අයි නාලිකාව විකුණන්න හඳනවා ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 14 August 2023
මුහුද යට කාමරයේ රැයක් ගත කරන ආරාධනය මහින්ද්‍රා සභාපති බෑ කියයි ලොව ප්‍රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට එම හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහින්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්ද්‍රා මහතා ප්‍රකාශ කළේය. 14 August 2023
පාකිස්තාන නිදහස සමරයි පාකිස්තාන 76 වැනි නිදහස් දිනය අද(14) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ වාසය කර පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව සමරනු ලැබුවේය. 14 August 2023
කොළඹ ජාතික රෝහලේ විදුලිය බිඳ වැටේ කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට අද (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දදි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 August 2023
දේශබන්දුගේ ෆේස්බුක් ගිණුමක් හැක්වෙයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 14 August 2023
එතෙර විශේෂඥ වෛද්‍යවරු එයි? වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. 14 August 2023
සමනළ වැවත් හිඳෙන්න ළඟයි පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් සමනලවැව ජලාශයේ ජල ධාරිතාව සියයට 14 දක්වා පහළ බැසිම නිසා එහි විදුලි උත්පාදනය සිමා කර ඇතැයි සමනල වැව ඉංජිනේරුවරු පවසති . 14 August 2023
‘‘හමුදා කඳවුරට අත නොතබනු‘‘ ගැමියෝ ඉල්ලති යාපනය, පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 14 August 2023
ශ්‍රී ලංකා එංගලන්ත මිත්‍රත්ව සංගමයේ මුල් පුටුව චන්දිමට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 14 August 2023
බිත්ති දෙකක් අතර සිරවූ දැරියක බේරා ගැනෙති විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි. 14 August 2023
ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය. 14 August 2023
රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගන්නවා අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 14 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026