කහවත්තේ නිල් මැණිකට ලක්ෂ 4300 කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් මැණිකක් රුපියල් කෝටි 43කට වෙන්දේසියේ අලෙවි විය. 16 August 2023
‘‘කස්තුරි සුවඳ‘‘ සිකුරාදා රූපවාහිනියෙන් හැත්තෑව දශකයේ ඉතා ජනප්‍රිය විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස රසික සිත් දිනාගත් සේන සමරසිංහගේ නිර්මාණයක් වන ‘‘කස්තුරි සුවඳ‘‘ චිත්‍රපටය ජාතික රූපවාහිනියෙන් මෙම මස 18 වැනි සිකුරාදා රාත්‍රී 10.00 විකාශය වේ. 16 August 2023
‘‘වත්මන් ජනපති සමග එකමුතුභාවයක් නෑ‘‘ ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 August 2023
තහනම් උත්තේජක සමග දෙකක් සැකපිට මෙරට භාවිතය කිරීම සහ අලෙවි තහනම් කර ඇති රුපියල් කෝටි 4 ට අධික වටිනා තහනම් උද්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්තල ද හා බොරැල්ල කොටා පාරේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 16 August 2023
සමගියක මහිම දකුණු අප්‍රිකාවේ දුෂ්කර පළාතක බැබුන් 50 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් දිවියකුට පහර දෙනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය හුවමාරු වේ. 16 August 2023
ඉදිරියේදී ලොකු ජල අර්බුදයක් දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය. 16 August 2023
’’වැවිලි කර්මාන්තයේ දියුණුවට නව වැඩපිළිවෙළක් ඕනෑ’’ තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 August 2023
ලංකා සතොස භාණ්ඩ 9ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 16 August 2023
මුදල් අමාත්‍යංශයේ ගින්න පාලනය කරයි කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය. 16 August 2023
වැලි හාරන්න 82කට හොරෙන් බලපත්‍ර දීලා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්‍ර දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 16 August 2023
විස දමා සතුන් මැරීමේ ජාවාරමක් මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය. 16 August 2023
ඕනෑම වාහන අදායම් බලපත්‍රයක් මධ්‍යම පළාතෙන් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය. 16 August 2023
නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙයි මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාත බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 August 2023
සම්බන්ධීකරණ කමිටු කර අරින රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය. 16 August 2023
‘දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි’ දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 16 August 2023
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරෙයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ. 16 August 2023
ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි 2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 16 August 2023
වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්‍යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 16 August 2023
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022) උත්තර පත්‍ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18) ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පැවසීය. 16 August 2023
යාපනය බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 16 August 2023
නීති විරෝධිව ගවයින්-එළුවන් ගෙන ගිය තුනක් අල්ලයි බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි. 16 August 2023
විදුලි රැහැනේ පැටලී දෙදරු මව මරුට වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 16 August 2023
දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක් සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. 16 August 2023
කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ 54ක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(16 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 16 August 2023
හිමිනමට පිහි පෙන්වා විහාරස්ථානය කොල්ල කාලා හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි. 16 August 2023
ඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවයෙන් ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය. 16 August 2023
ගෝල් ටයිටන්ස් අවසන් පූර්ව වටයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 8 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය 16 August 2023
අයි.එම්.එෆ් කණ්ඩායමක් දුන් ණය ගැන සොයන්න එයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය. 16 August 2023
ජීවිතාරක්ෂක සෙබලා දියේ ගිලී මරුට හික්කඩුව වෙරල තිරයේ ජීවිතාරක්ෂක පුහුණුවිම්වල යෙදි සිටි නාවික හමුදා නිලධාරියකු අද සවස දියේ ගිලි මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 15 August 2023
‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘ රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. 15 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026