අනතුරට පත් චීන නෞකාවේ 7 කගේ සිරුරු හමුවෙයි ඉන්දීය සාගරයේදී අනතුරට පත්ව පෙරැළී ගිය චීන ධීවර නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 39 දෙනාගෙන් හත් දෙනකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. 23 May 2023
අතුරුදන් සරසවි සිසුවා කුරුණෑගලින් හමුවෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන් වූ බව පැවසෙන සිසුවා සමඟ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය නිරන්තරයෙන්සම්බන්ධතා පවත්වමින් සිටින බවත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ දැනට රැඳී සිටින බවත් එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි . 23 May 2023
ආයුර්වේද පනත සංශෝධනයට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන සේ ආයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ලංකාව - සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක් කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
’’කොම්පඤ්ඤ වීදියත්’’ කැබිනට් මණ්ඩලයට කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ලක්ෂ 80ක මැණික මාරු කළ දෙදෙනා මාට්ටු මහනුවර පේරාදෙණිය පාරේ විදේශිකයන්ට මැණික් අලෙවිකරන ප්‍රධාන පෙළේ මධ්‍යස්ථානයකට පැමිණ මැණික් මිලදී ගන්නා මුවාවෙන්රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනාමැණික් ගලකට ව්‍යාජ මැණිකක් මාරු කළ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවමහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 23 May 2023
නව මහලේකම් කුෂානි වැඩ අරඹයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය. 23 May 2023
රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද( 23) දැනුම් දුන්නේය. 23 May 2023
වී ගොවිතැන කළ යුතු ආකාරය ගැන යුද හමුදාවෙන් ඉල්ලීමක් මෙරට වී අස්වැන්න ඉහළ නැංවීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබාදුන් පොහොර නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමාත්‍යාංයෙන් ඉල්ලීමක් කර ඇත. 23 May 2023
අද දවසේ කාලගුණ අනාවැකිය නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 23 May 2023
මුදු මාරුවකට කතක් මාට්ටු නව මුදුවක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් ආලේපිත යකඩ මුදුවකට රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා මුදුවක් මාරු කරගෙන ගිය කාන්තාවක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 23 May 2023
ජනපති විදෙස් සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සනාථ කළේය . 23 May 2023
ජෙරම් ගැන මල්වතු නා හිමිගෙන් ජනපතිට ලිපියක් දිවැසිවරයකු ලෙස තමන් හඳුන්වා ගනිමින් ජෙරම් ප්‍රනාන්දු නමැති තැනැත්තකු පටු ආගමික අරමුණු පෙරදැරිව මෙරට ආගමික සංහිඳියාවට දැඩි තර්ජනයක් වන අයුරින් පසුගිය දින ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය හුදු ආකාස්මික සිදුවීමක් ලෙසින් සුළු කොට තැකිය නොහැකි බවත් එය නිසි අණපනත් මගින් නීත්‍යානුකූලව පියවර ගතයුතු සංසිද්ධියක් බවත් සඳහන් කරමින් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා ඇත. 23 May 2023
මහ කැලේ මැද මහ මඟුලක් කයි පදවිය මුල්මුඩේ ප්‍රදේශයේ ගොවි මහතකු තම පුතුගේ විවාහ මංගල උත්සවය මහා වනාන්තරයක් මැද ඊයේ (21) පවත්වා ඇත. 22 May 2023
නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති. 22 May 2023
පාඨලීගෙ පක්ෂය කරලියට අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පක රණවක මහතා පැවැසීය. 22 May 2023
පේරාදෙණි සරසවි සිසුවෙක් අතුරුදහන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු අතුරුදන්වී ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි. 22 May 2023
බේකරි හිමියාට පිහි පහර ගල්කිස්ස ගාලු පාරේ රත්මලානේ පිහිටි බේකරි හිමියකුට බේකරිය තුළදී පිහියකින් ඇන ඝාතනය කර ඝාතකයා පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. 22 May 2023
අල්ලන්න ගිය සැකකරු ඉහළ මහලෙන් බිමට පැනලා කොළඹ සන්දිය උයන මහල් නිවාස සංකීර්ණය 8 වැනි මහලේ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු එම මහලේන් බිමට පැනීම නිසා බරපතළ තුවාල ලබා ඇතැයි මිහිජය සෙවණ පොලිසිය පවසයි. 22 May 2023
බණ්ඩාරවෙළදී සිසුන් දෙදෙනකුට අමානුෂික ප්‍රහාරයක් මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගනිත සම්මන්ත්‍රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 22 May 2023
චිත්‍රපට සංස්ථාව කොමිසමක් වෙයි ජාතික චිත්‍රපටි සංස්ථාව ජාතික චිත්‍රපට නියාමන කොමිසම බවට පත් කිරීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 May 2023
උපන් ඇඳුමින් වෙළෙඳසලක් බිඳලා වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 22 May 2023
චීනාගෙන් ප්‍රශ්න කරයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි. 22 May 2023
ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. 22 May 2023
ජනක යටි අරමුණකින් වැඩ කරනවා ස්වාධීන කොමිෂන්වලට පත්කළ යුත්තේ දේශපාලන මතයකින් තොරව ස්වාධීනව කටයුතු කරන පුද්ගලයින් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දේශපාලන යටි අරමුණකින් කටයුතු කරනවාද යන සැකය ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (22) පැවසීය. 22 May 2023
ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි 22 May 2023
සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක අපරාධ කොට්ඨාස අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 22 May 2023
හෙරෝයින් ග්‍රෑම් දෙකට දිවි ඇති තෙක් හිරගෙට හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (22) නියම කළේය. 22 May 2023
අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක් මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි. 22 May 2023
‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘ මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 22 May 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026