
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.
එහිදී මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල් වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd