නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට අද (07) සිට පහසුකම් ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත.
බස්නාහිර ජනතාවට හැර සෙසු පළාත්වලට එම පහසුකම ලබාගත හැකි බව ද ඔහු කීය..
ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම
රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් ලබන මාර්ත් 31 වැනි දා සිට සකස් කර ඇති ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන දුම් සහතික ගන්න ඒ වගේ ක්‍රමයක් හදන්න. මොකද දුම් සහතික අරගෙන වාර්ෂික ආදායම් බලපත්‍රය ගත් සමහර වාහන මාර්ගයේ යද්දී වෙනත් වාහනයක් යන්න බැරි තරමට කළුදුම් පිටවෙනවා.
කයිවාරු ගැහුවාට, දවස් ගාණක් අප්ඩේට් කරාට බස්නාහිර හැර අනික් පළාත්වල (other provinces) link එක වැඩ නෑ.
ඔන්ලයින් පාස්පෝට් එක වගේද? අපි මේ බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම් ඔක්කොම අල්ලලා ගස් බඳින්න. ගස් බැඳලා බඩයන්න බෙහෙත් පොවනවා හොරා කාපු ඒවා වමාරන්න...
ගොයියෝ කරලා පෙන්වන්න. දිගටම වැඩ කරන විදිහේ එකක්... මාසෙකින් ඕෆ්ලයින් වෙන එකක් නැතිව... එහෙම බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ඔතැනින් යන්න. බොරුවට පුටු රත් කරකර කයිවාරු ගගහ ඉන්නේ නැතිව.