
(සුජිත් හේවාජුලිගේ )
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත.
මෙම මන්ත්‍රීවරු 6 දෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ කිසියම් කාලයක් රැඳී සිටි අය වෙති.
ඔවුන් මෙසේ ගෙවා නැතැයි පැවසෙන්නේ එම කාලයට අදාළ නිවාස කුලිය, හිඟ විදුලි සහ ජල බිල්පත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙයට අමතරව එම හිඟ මුදලට දඩ මුදල්ද එකතුවී පවතින බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම හිඟ මුදල් ගෙවන ලෙස එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට කාලයක් තිස්සේ දැනුම්දී ඇතත් හිඟ මුදල් ඔවුන් මෙතෙක් ගෙවා නැතැයි දැනගන්නට ඇත.
මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට තව නොබෝ දිනකින් නඩු පැවරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදිවෙල හොරට හිටපු මන්ත්‍රී හයකට නඩු?
ravin Saturday, 07 October 2023 09:21 AM
අපොයි, අපොයි මේ සුළු වැඩක්නේ. ඔක්සිජන්ට කිව්වා නම් ගෙවලා දායි.
nandana Saturday, 07 October 2023 09:48 AM
නම් ටික දාන්න.
Bunny Preena Saturday, 07 October 2023 09:57 AM
නොබෝ දිනකින් එය කීයටවත් සිදුවන දෙයක් නෙවෙයි.
Nimal Saturday, 07 October 2023 10:23 AM
ඕකත් සනත් නිශාන්ත ගෙවයි. නාමල්ගේ බිල් සෙට්ල් කළා වගේ... තමන් දාඩිය මහන්සියෙන් හම්බ කරපුවානේ...
Pankumburage Saturday, 07 October 2023 11:02 AM
අර පුත්තලමේ ඇමැතිට කිව්වා නම් ඔක්කෝම ගෙවනවා...!
Dharmatileke Saturday, 07 October 2023 11:29 AM
හිඟන්නෝ, මහජන ඡන්දයෙන් ජීවත් වෙලා පැරදුණාමනේ මහජන සල්ලිවලින් ජීවත් වෙන්න බලන්නේ...
සොත්තිසේන Saturday, 07 October 2023 12:55 PM
පළමුවෙන්ම උන්දැලා කවුද කියලා ජනතාව දැනුවත් කරන්න. දෙවනුව පක්ෂ නායකයෝ උන්දැලාට ඊළඟ මැතිවරණ සඳහා නාමයෝජනා දෙනවාද බලා එම පක්ෂ අතුගා දමන්න සූදානම් වෙන්න...
AKS aththanagoda Saturday, 07 October 2023 01:01 PM
ලාල්කාන්ත ඔතැන ඉන්නවා.
gamageSaturday, 07 October 2023 01:29 PM
තාම කඩේ යනවා. මේ වගේ අය එක්ක රටක් හදන්න පුළුවන්ද? අබ සරණ තමයි.
Rata PerataSaturday, 07 October 2023 01:40 PM
ලාල්කාන්ත, ජනකාන්ත නෙවෙයි.., මහසෝනා වුණත් කමක් නෑ. නම් එළිකරන්න නඩු දාන්න. එච්චරයි. මොන පක්ෂයද කියලා එළියට දාලා වරද අඩුකරන්න බෑ.
VajiraSaturday, 07 October 2023 02:52 PM
ලාල්කාන්ත කලින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. 2010 න් පස්සේ පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. ජවිපෙ ඔය වගේ තුප්පහි වැඩ කරන අය නෑ.
sriyal Saturday, 07 October 2023 05:03 PM
ඕක විශ්‍රාම වැටුපෙන් අය කර ගැනීම සිදුවිය යුතුය බව පාර්ලිමේන්තුව නොදන්නාකම ගැන පුදුම විය යුතුයි...
සෙනෙවිරත්න Sunday, 08 October 2023 07:18 AM
ලාල්කාන්ත ඔතන ඉන්නවා කියන්නේ ෆේස්බූක් විශ්වාස කරන කෙනෙක්. 2010 ඉඳලා ආණ්ඩු තුන හතරකටවත් එලවාගන්න බැරිවෙච්චි පුතෙක් ලාල්කාන්ත එහෙනම්? ලාල්කාන්ත ඉන්නව කියමු, තමන් ඡන්දෙ දීපු පැතිවල කීදෙනෙක් ඉන්නවද කියල හොයලා බැලුවාද? තමන්ගේ අයට හොරාකන්න දීලා ජවිපෙ සුජාතකම හොයන්න එපා...