(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දිවයිනේ ප්‍රදේශ ගණනාවක වාහන වංචා රැසකට පොලිසි ගණනාවකට අවශ්‍යව සිටි  පුද්ගලයකු මාවතගම දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ රැසකින් වරෙන්තු හයක් නිකුත් කර ඇත.

සැකකරු හෝමාගම වංචා විමර්ශන අංශය ,කොළඹ අපරාධ කොට්ඨාසය ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය , තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය කොළඹ වංචා විමර්ශන අංශය මගින් ,අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරු කූට ලේඛන සකසමින් වාහන වංචා සිදු කර ඇති බව පොලීසිය කියයි.