(යොහාන් භාසුර)

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 8.58 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 429 ක් රැස් කළ යුතුය.

දකුණු අප්‍රිකානු පිල රැස් කළ මෙම ලකුණු 428 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී ඕනෑම රටක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන්දියාව මීට පෙර 2009 වසරේ රැස් කළ ලකුණු 414 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකානු පිල ඕවර 50 50 යෙදී කඩුලු 5 ට 428 (කුවින්ටන් ඩී කොක් 100, රෙසල් වෑන්ඩර් ඩුසේන් 108, ඒඩන් මක්‍රම් 106, හෙන්රිච් ක්ලාසීන් 32, ඩේවිඩ් මිලර් නොදැවී 39, ඩිල්ශාන් මධුසංඛ 86/2)