පොසොන් උත්සවයට සල්ලි හොයන්න මහ සඟරුවන මහ පාරට පොසොන් ජාතික උත්සවයට මුදල් සොයාගැනිමට පාත්තරයත් අරන් පිඬුසිඟා වඩින බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියෝ ප්‍රකාශ කළය. 23 May 2023
පෙරළුණු චීන නෞකාවට නාවික හමුදාව ඇතුළු වේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වුු ගැඹුරු මුහුදේදී පසුගිය 16 වන දින පෙරලීමෙන් ආපදාවට පත් LU PENG YUAN YU 028 නැමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවේ කිමිදුම් කණ්ඩායමක් උඩුකුරුව පෙරලී තිබු චීන ධීවර යාත්‍රාවේ කපිතාන්වරයාගේ මැඳිරියෙන් සහ නවාතැන් මැඳිරි ප්‍රදේශයෙන් මළසිරුරු 14 ක් සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාවෙි මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවස 23 May 2023
මන්ත්‍රී අලි සබ්රිගෙ ගමන් බෑගයේ දුරකතන 91ක් නීතිවිරෝධී ලෙස රත්තරන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පහසුකම් භාවිතා කරමින් මෙරටට ගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ගමන් මලු තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 91ක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් ෙ සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 23 May 2023
දයාසිරිට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්යේ ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 23 May 2023
ජනකට මැතිසබය තහනම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 23 May 2023
මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය බිඳ එහි තිබු රුපියල් 50,000 ක් වටිනා අඟල් 32 රූපවාහිණියක් සොරාගෙන ගොස් ඇති බව මාලිගාවත්ත පොලිසිය කියයි. 23 May 2023
හපුතලේදී වෑන්-හමුදා බස් ගැටී 8 ක් රෝහලේ හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 23 May 2023
ගමන් බලපත්‍ර දෙකකින් ආ චීනා රටින් පන්නයි විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පසුගියදා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත. 23 May 2023
නව විදුලිබල පනත ඉක්මන් වෙයි නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බවත් කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්රයේ පාර්ශවකරුවන් විසින් කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත විදුලිබල පනත ලබන ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය. 23 May 2023
පොලිසියට පාට් දැමූ හිටපු සරසවි ඇදුරාට- විශේෂඥ දොස්තරට ඇප රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීමේ චෝදනාව යටතේ විශ්‍රාමික කථිකාචාර්ය වරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත අද (23) දා මුදා හැරි බව මත්තේගොඩ පොලිසිය පවසයි. 23 May 2023
සම්බාහන මුවාවෙන් කාන්තාවන් විකුණලා පානදුර, කෙසෙල්වත්ත ප්‍රෙද්ශයේ ආයුර්වේද සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 23 May 2023
ජනකගේ පෙත්සම විසි කරයි අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස හෝ යළි විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළේය. 23 May 2023
රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 23 May 2023
ලොකු ලූනු වගාව මකර කටේ නිෂ්පාදන වියදම ඉහළ යෑම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා මෙවර දේශීය ලොකු ලූණු වගාකරුවෝ සියයට 95 කින් වගාවෙන් ඉවත් වී ඇතැයි දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදකයන්ගේ සංගමය කියයි . 23 May 2023
විසිවරසරක පසු ඝාතකයන්ට මරණ දඬුවම හම්බන්තොට කැටැන්වැවදී විසි වසරකට පෙර සිංහල අවුරුදු දා අවිවාහකයකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරුවන් වූ චූදිතයින් හය දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩණය නියම කළේය. 23 May 2023
සාගල මාතරින් කොළඹට එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඒකමතිකව පත් කර තිබේ. 23 May 2023
යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක් ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වැඩිපුර සටහන් වී ඇතැයි රුසියන් ටුඩේ නාලිකාව වාර්තා කර ඇත. 23 May 2023
මෛත්‍රීගෙන් රජයට යෝජනාවක් රටේ මූල්‍ය ප්රශ්නය සමනය වන තුරු අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර පහකට නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 May 2023
පේරාදෙණි සිසු විරෝධයට ජල ප්‍රහාරයක් පේරාදෙණිය සරසවි සිසුන් ආරම්භ කළ සිසු විරෝධතා පා ගමනක් නතර කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 23 May 2023
ප්‍රමිත-සියඹලාපිටිය වැඩ බලන්න පත්කරයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත්කරනු ලැබ සිටිති. 23 May 2023
මෙරට සරණාගතයින් විරෝධතාවක ශ්‍රී ලංකාවේ සරණාගතයින් ලෙස වසර ගණනාවක් තිස්සේ ජීවත්වන පවුල් සහ පුද්ගලයින්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලලමින් එම සරණාගතයින් පිරිසක් කොළඹ රොස්මිඩ් පෙදෙසෙහි පිහිටි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි අයුරු මෙහි දැක්වේ . 23 May 2023
මන්ත්‍රි අලි සබ්රි රහීම් රන් සමඟ මාට්ටු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි. 23 May 2023
මාලි පිපිරීමකින් මෙරට සොල්දාදුවෝ හතරකට තුවාල මාලි රාජ්‍යයේ සිදු වූ බෝම්බයක් පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කර ඇත. 23 May 2023
කොන්ක්‍රිට් තට්ටුවෙන් වැටී සිසුවා මරුට අපොස සා.පෙළ විභාගයට මෙවර පෙනි සිටින සිසුවෙකු මිතුරන් සමඟ පස්සර මැදවෙලගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට ගොස් සිටියදී නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් තට්ටුවෙන් අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පස්සර පොලිසිය පවසයි . 23 May 2023
28 වන දේශගුණික විපර්යාස සමුළුවට ජනපතිට ඇරැයුම් එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ. 23 May 2023
නව විදුලි ගාස්තු ජුනි 30 එළියට ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පැවසීය. 23 May 2023
මියගිය සටන්කරුවන් සමරන්න සංහිඳියාවේ ස්මාරකයක් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2023
ආසියාවේ දුප්පත්ම ගොඩට ලංකාවත් වැටෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 23 May 2023
ජනක ඉවත් කරන්න විපක්ෂයෙත් 15ක්? මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේගයේ හා තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 May 2023
විරැකියාවෙන් දකුණ කප් ගහයි ලංකාවේ වැඩිම විරැකියාව ඇති පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවෙි සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් බවද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 May 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026