(බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ දියපිරි වළක ඔට්ටුවකට දිය යට සිටීමේ තරගයක් පැවැත් වූ පිරිසක් අතුරින් එක් අයකු දියේ ගිලීමෙන් අද (08) සවස මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් සාදයක් පවත්වා අදාල දියපිරි වළෙහි ස්නානය සදහා පැමිණ ඇති අතර එහි ස්නානය කරමින් සිටින අතරතුර හුස්ම අල්ලාගෙන වැඩිම වේලාවක් දිය යට සිටින පුද්ගලයා තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
එම තරගය අතරතුර හුස්ම අල්ලා ගෙන දිය යට ගිය එක් අයකු විශාල කාළයක් දිය යටට වී සිටීම පිළිබදව විමතියට පත් අනෙක් පිරිස ඔහු පිළිබදව විපරම් කිරීමේදී දිය වලෙහි යටටම වී නිසොල්මන්ව සිටීම නිසාවෙන් වහා ගොඩට ගෙන පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 45 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දිනුම්! ..... අනේ මෙහෙමත් හරකෙක්!
මරුන කෙනා තරඟයෙන් දිනුම් .ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ ඔහොම වැඩ වලට
හංවැල්ල, තුන්නාන ප්‍රදේශ දැඩිව විවිධ මත් ද්‍රව්‍යට ගොදුරු වු ප්‍රදේශයක්. මත්ද්‍රව්‍ය විකිනීම සහ භාවිතය නිතරම දැකි හැකිය. මේ ආකාරයේ දේවල් මේ ප්‍රදේශයට අමුතු දේවල් නොවේ, රන්ඩු සරුවල්, කපාකොටා ගැනීම්, දැඩිව මත් පැනට හුරුවු අය මධ්රායම රාත්‍රි කාලයේ පවා නිවෙස් වල බජව් දමමින් පරිසරයේ සාමකාමිත්වයට හානි කරන ආකාරයේ සිදුවීම් සුලබ ප්‍රදේශයකි. නුගත්කම, නොදැනුවත්කම, දැඩිව මිත්‍යාව අදහන පිරිසක් සිටන සහ විවිධ සමාජ-ගැටලුවලින් පිරි ප්‍රදේශයකි. කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල ආසනයට අයත් සිතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මේ ප්‍රදේශය අයත්වේ.