IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුලියට මිනී මරන්න ගිය සෙබළා සහ හිටපු සෙබළා මාට්ටු

(සුසිල් පියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)

පාතාල නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වන ඇල්පිටිය පිටුවල පදිංචි ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදාවේ සෙබළකු හා හිටපු යුද හමුදා සෙබළකු  ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් හා එයට දැමිය හැකි උණ්ඩ දහයක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා පැමිණි යතුරු පැදිය හා ඔහු ඝාතනය කොට එම යතුරු පැදියෙන් පලා යාම සදහා සකසා තිබු ව්‍යාජ යතුරු පැදි අංක තහඩු දෙකක් ද මේ සමගම අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

මේ ඝාතනය සදහා පැමිණි සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනා පාතාල කෙරුමකු  ලබාදුන් කොන්ත්‍රත්තුවකට අනුව මේ දෙදෙනා පැමිණි බව මේ වන විට අනාවරණයවී ඇති බව ද පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා මේ ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා පතුරම් ලෝඩ් කර තිබූ පිස්තෝලය ද සූදානම් කරගෙන ඇල්පිටිය පිටුවල පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොස් ඇති බවත් ඔහු එම ස්ථානයේ නොසිටි බැවින් ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ ඔත්තු බලමින් සිටියදී මෙසේ සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුනු බවත් පොලීසිය කිය

 

------------------------------------------------

(එම්.සුසිල් පියන්ත)

ඇල්පිටිය පිටුවල පදිංචි කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු ඝාතනය කිරීමට යතුරු පැදියකින් පැමිණ සිටි යුද හමුදා සෙබලුන් දෙදෙනකු ඇල්පිටිය පිටුවලදී මිලි මීටර් නවයේ පිස්තෝල තුවක්කුවක් සමග සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

සැකකාර යුද හමුදා සෙබලුන් දෙදෙනා පාතාල නායක රත්ගම විදුරගේ ගෝලයන් දෙදෙනකු බව මේ වන විට අනාවරණයවී ඇති බව ද පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා පිටුවල ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානය අසල රැදී සිටියදී ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාර හමුදා සෙබලුන් දෙදෙනා නිවාඩුවට ගමට පැමිණ මේ සදහා පැමිණ ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.

ඇල්පිටිය පොලීසිය මේ සමබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (5)

කුලියට මිනී මරන්න ගිය සෙබළා සහ හිටපු සෙබළා මාට්ටු

Achini Sunday, 08 October 2023 09:26 AM

මේ කට්ටිය අත්අඩංගුවට අරන් ආයේ නිදහස් කරනවද?

:       0       33

samSunday, 08 October 2023 06:29 PM

රාජකාරියේ යෙදී සිටිනා හමුදා සාමාජිකයින් පාතාලය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳව පරීක්ෂණයක් කිරිමට යුද හමුදාව මගින්ද කළයුතුවේ.

:       0       1

sriyal Sunday, 08 October 2023 02:19 PM

ඇප නොදිය යුතුයි...

:       1       25

කිරිපුතා Sunday, 08 October 2023 02:19 PM

රාජකාරියේ යෙදී ඉන්න හමුදා සාමාජිකයින් පාතාලය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම අතිභයානක සිද්ධියක්... ඒ ගැන රජය විශේෂ අවධානයක් යොමුුකරාවි යැයි සිතමු...

:       0       41

නිමල් Sunday, 08 October 2023 06:53 PM

හමුදාවේ වැඩ කරන් ගමන් පාට් ටයිම් කුලියට මිනී මරනවා. බරපතල තත්වයක්.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site